|
මම හොඳින්ම ආදරේ විඳින කෙනෙක්
නතාෂා නතාෂා
පෙරේරා කියූ පමණින් ලොකු පොඩි භේදයකින් තොරව ඇයව හඳුනයි. යොවුන් වියේ පසුවන
නතාෂා කාගේත් අවධානයට යොමු වී තිබේ. කුඩා අවදියේ සිට කලා ක්‍ෂේත්‍රයේ රැඳී
සිටින මේ සුන්දර යෞවනිය පිළිබඳ නවක තතු දැන ගැනීම කාගේත් කැමැත්ත බව නොරහසකි.
නතාෂා කොහොමද මේ දවස්‌වල ජීවිතේ ගෙවෙන්නේ? මේ දවස්‌වල අක්‌කි මම වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව රූපවාහිනී නාලිකා කිහිපයක නිවේදන කටයුතු කරනවා. සතියේ දින තුනක්‌ම ඒ සඳහා යොමුවෙලා ඉන්නෙ. ඒ නිසා ටිකක් විතර කාර්ය බහුල වෙලා මම. ඔබ අලූතින් ගීත කලේ නැද්ද? ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ගීත හතරක් කළා. දිනේෂ් බෝගොඩ අයියාගේ අදහසක් අනුව. රඟපෑමට ආරාධනා ලැබුණේ නැද්ද? ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා බොහෝ ආරාධනා නම් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු හා මම බාරගත් වැඩ කටයුතු නිසා ඒ සඳහා වෙලාවක් ලබාදීමට අපහසුයි. ඒ හේතුව නිසා මට එම ආරාධනා ප්‍රතික්‌ෂේප කරන්න වුණා. ඔබ කාර්යබහුල නිසා යහළුවන් සමඟ එකතු වී විනෝද වීමට අවස්‌ථාවක් ලැබෙනවාද? ඇත්තටම යාළුවොත් එක්‌ක එකතු වෙන්න තියෙන කාලයනම් හරිම අඩුයි. මට යාළුවෝ ගොඩක් ඉන්නවනේ. ඒ වුණත් මම එයාලව අමතක කරන්නෙ නැහැ. හමුවෙන්න නොහැකි වුණත් මට විවේකයක් ලැබෙන සෑම අවස්‌ථාවකදීම එයාලට දුරකතනයෙන් කතා කරනවා. පැය ගණන් එයාලත් එක්‌ක කතා කරලා එයාලගෙ විස්‌තර අහනවා. යාළුවොත් මාව තේරුම් අරගෙන ඉන්නෙ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. විලාසිතා ගැන කතා කළොත්? විලාසිතා ඉතින් කාලෙන් කාලෙට වෙනස්‌වෙන දෙයක්. විලාසිතා තමන්ට ගැලපෙන පරිදි කරන්න ඕන. ඒ වගේම තමන්ට කැමති විලාසිතාවක් තමන්ට කරන්න පුළුවන්. ඒ සඳහා කාටවත් බලපෑමක් කරන්න බෑ. එය තමන් දැනගන්න ඕන. තැනට සුදුසු විදිහට අපේ සංස්‌කෘතියට ගැලපෙන ලෙස කරන්න. වැඩිපුරම යන්න කැමති? මුහුදු වෙරළට ජීවිතේට වඩාත්ම සමීප? අම්මී ප්‍රශ්නයක් ඇතිවුනාම මුලින්ම කරන්නෙ? අඬන එක. යොවුන් ආදරේ නතාෂාට දැනෙන්නේ කොහොමද? ඉතාමත් පූජනීය දෙයක් විදිහට ඔබ ඒ ආදරේ විඳිනවද? ඔව්.... මම ආදරේ විදිනවා හැබැයි අම්මිගෙන්. ඔබේ වයසේ අනිත් යුවතියන්ට තිබෙන නිදහස ඔබට නෑ කියල හිතෙනවද? මම යම් ජනප්‍රියත්වයක් ලබලා තිබෙන නිසා මට මගේ වයසේ අනිත් අයට වගේ නිදහසක් නැති බව ඇත්ත. නමුත් මට අම්මි උපරිම නිදහස ලබාදීලා තියෙන්නෙ. අම්මිට මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මම හැමදාමත් රකිනවා. |
||||
|
||||