artword.gif (531 bytes)
මගේ කලා කටයුතුවලට ඇය බාධාවක්‌ නොවිය යුතුයි
නුවන්

මෝස්‌තර නිරූපණ ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණ ඉන් නොනැවතී රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්‍ෂකයන් දැන හඳුනාගත් ඔහු වඩාත් ජනප්‍රිය වූයේ සිරස ඩාන්සින් ස්‌ටාර් හරහා නර්තන ශිල්පියෙකු ලෙසයි. ඔහු බොහෝ දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් තරුණයෙකි. අදවනවිට ඔහු බොහෝ දෙනාගේ ආදරය දිනා සිටී. ඔහු නුවන් ගුණසේකර.

මේ දවස්‌වල ඔබ නිරතවන කලා කටයුතු මොනවාද?
පසුගිය දින කිහිපය තුළ මම පෞද්ගලික ආයතනයක්‌ සමග සම්බන්ධ වී රටපුරා නර්තන ප්‍රසංග 10 ක්‌ පමණ පැවැත් වූවා. ඒ සඳහා තමයි මගේ උපරිම කාලය යොදවා තිබුණේ. ඒ වගේම අලුත් ටෙලි නාට්‍යයක්‌ කලා. එහි නම "දෙගම්මාරුව". එය ශර්ලී පී. දෙලංකාව මහතාගේ ටෙලි නාට්‍යයක්‌. එහි වැඩකටයුතු අවසන්. ලබන මාසේ වගේ එය ප්‍රේක්‍ෂකයන්ට නරඹන්නට ලැබේවි. තවත් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා. එහි රූගත කිරීම් තවම ආරම්භ වුණේ නැහැ. ලබන මාසය වනවිට එහි වැඩ කටයුතු ආරම්භ කරයි. ඔය දේවල් තමයි මේ දිනවල මගේ කලා කටයුතු.

නුවන්ගෙ ගම කොහෙද?
මම නුවර. නමුත් කලා කටයුතු නිසා මම දැන් පදිංචි වෙලා ඉන්නෙ කැලණියේ. මගේ අඳුරන කෙනෙකුගේ නිවසක.

ළඟදී නුවර ගියේ නැද්ද?
ගිහින් ආවා... මගෙ වැඩ වගයකුත් තිබුණා. ඒවටයි පවුලෙ අයවයි බලලා එන්න ගියා.

පෙම්වන්ති ගැනත් අපිට විස්‌තර කියන්න.
නෑ... එහෙම කෙනෙක්‌ නම් මට නැහැ. තාම ඒ පිළිබඳව හිතලවත් නැහැ.
ඒ පිළිබඳව හිතලා නැත්තෙ කලා කටයුතුවලට බාධාවක්‌ වෙයි කියලා හිතලද?
අනිවාර්යෙන්ම ඒක නිසා තමයි. හරියට මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්‌ වෙන්න ඕනනේ. නැත්තං මගෙ කලා කටයුතුවලට ඇය බාධාවක්‌ වෙනවා. මට ඕන කලාව පැත්තෙන් තව ඉදිරියට යන්නයි. ඉතිං ඒ ගැන හ§තලා කටයුතු කරනවා මිස වෙන දේවල් ගැන මම දැන්ම හිතන්නෙ නැහැ.