|
දුක ළඟම සතුටක් තියෙනවා..... අමිලා නදීශානි ![]() ![]() පායා එන්න හිරු සේ.... එළිය දී හඳේ... අතුරා තීරණ ඔබගේ මා තබනු ලොව ඉමේ.. මේ ගීතය අද බොහෝ දෙනෙකු තුළ කතා බහට ලක් වී ඇත. මේ ගීතය ගායනා කරන්නෙ කවුද යන වග බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත. ඇත්තටම ඒ ගී හඬ බොහෝ ලයාන්විත හැඟීම්බර ගීතයක් කීවොත් මා නිවැරදියෑයි මට සිතේ. ගමේ පිපුණු මලක සුන්දර මිහිරියාව නගරයට විහිදවා හිරුසේ එළිය දෙන්න පටන්ගත්a ඇය අමීලා නදීශානියි. අමීලා පායා එන්න හිරු සේ... ඔයාගේ මුල්ම චිත්‍රපට ගීතයද? ඔව්..." පායා එන්න හිරු සේ චිත්‍රපටයේ තමයි මම මුලින්ම චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසියේ. උදයකාන්ත වර්ණසූරිය නමැති නිෂ්පාදකවරයාගේ චිත්‍රපටයකින් මම සිනමාවට අවතීර්ණ වීමට ලැබීම ගැන මම මහත් සතුටට පත් වෙනවා. ඔහු බොහෝ නවක පිරිසකට අත දෙන තරුණ අධ්‍යක්‌ෂවරයෙක් වාගේම නිෂ්පාදකවරයෙක්. කොහොමද පායා එන්න හිරු සේ ගීතයට ලැබෙන ප්‍රතිචාර? ගොඩාක් සතුටුයි. ඒ මොකද හුඟ දෙනෙක් චිත්‍රපටය අවසන් යෑයි කියා සිතා සිනමාශාලාවෙන් නික්‌ම වෙන්න සිතා, සීට් වලින් නැගිටලා නැවත ඉඳගන්නවාලු. ඒ මොකද මගේ ගීතය චිත්‍රපටය අවසානයේ තමයි ප්‍රචාරය වෙන්නෙ. ඒ ගැන කියලා මගේ ප්‍රේක්‌ෂකයින් මට දුරකතනයෙන් කතා කරලා ප්‍රසංශා කරනවා. අමීලා ඔයා රංගනයෙන් පවා දායක වුණ චිත්‍රපටයට මොකද වුණේa? මොකක්‌දෝ අහේතු=වකින් චිත්‍රපටය අතර මඟ නතර වුණා. මමයි සුරේන්ද්‍රයි තමයි එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ. ඉන් පසු රඟපෑවේ නැද්ද? ආරාධනා එහෙම ලැබුණාද? රඟපෑම සඳහා අරාධනා නම් ලැබුණා. ඒත් මට සුදුසුයි කියන චරිතයක් නොවේ ලැබුණේ. ඒ නිසා එම චිත්‍රපට මම බාර ගත්තෙ නෑ. නමුත් ටෙලි නාට්‍යයක නම් රඟපාන්න ආරාධනා ලැබුණා. එය සතුටින් බාර ගත්තා. ඒ ගැන ඉදිරියට වැඩි විස්‌තර කියන්නම්. ඔයා තවමත් අනුන්ගේ ගීතද ගායනා කරන්නෙ? මම හැම විටම උත්සාහ කරන්නෙ මගේම ගීත ගායනා කරන්න. නමුත් රසික ජනතාවගේ ඉල්ලීම මත මට ප්‍රවීණයින්ගේ ගීත ගායනා කරන්න සිදුවෙනවා. සමහර වෙලාවට මම දන්නෙත් නෑ. සංගීත කණ්‌ඩායම් පවා වාදනය කරනවා. ඒ ගායිකාවන්ගේ ගීත. එක්‌තරා ප්‍රවීණ ගායිකාවක් ඔයා සමඟ හුඟාක් තරහින් ඇයගේ ගීත ගායනා කරනවා කියා චෝදනා කළා නේද? ඔය කියන ගායිකාවගේ ගීත වලට හරිම කැමතියි. මට ඇය මොන චෝදනා කළත් මම ඇයත් සමඟ කිසිම තරහක් නෑ. මට නම් කිසිමදාක ප්‍රශ්නයක් වුණෙත් නෑ. මම ප්‍රශ්නයක් කර ගත්තෙත් නෑ. ඇයගේ ගී හඬට මම බෙහෙවින් ඇලුම් කරනවා. මම මේ ටිකත් කියන්න ඕන. සුජාතා අත්තනායක මහත්මිය, ලතා වල්පොල මහත්මිය යන ගායිකාවන්ගේ ගීතත් මම ගායනා කරලා තියෙනවා. නමුත් ඒ කිසිම ගායිකාවක් මට ප්‍රශ්නයක් ඇති කළේ නෑ. අමිලා නදීශානි කියන ඔබ කිසිම දිනක ප්‍රාර්ථනා කලාද? ඔයාට මේ වාගේ ජනප්‍රියත්වයක්, ස්‌ථාවරත්වයක් හිමි වෙයි කියා? මම ප්‍රාර්ථනා නම් කළේa නෑ. ඒත් සිහින මැව්වා. ලස්‌සන පුංචි ගෙයක් මගේ ම කියා, පුංචි කාර් එකක නැගලා යන්න. නොයෙකුත් රටවල් වල සංචාරය කරන්න. ඒ සිහින අද සැබෑ වෙලා. රසිකයින්ව පිනවන්න ලැබීම ඒක තමයි මගේ ලොකුම සිහිනය වෙලා තිබුණේa? ජීවිතේ ආපස්‌සට හැරී බලද්දී ඔයාට මොන වාගේ හැඟීමක්‌ද අද ඇති වෙන්නෙ? අතීතයක් නැති වර්තමානයක් නැහැනේ මගේ අතීතය හරිම දුක් කම්කටොලු වලින් පිරුණු ජීවිතයක් තමයි මම ගත කළේa. මම ප්‍රසංග වේදිකාවල ඒ කාලයේ සිටම ගීත ගායනා කරනවා. ඒත් මම සිංදු කියනකොට සමහර පුද්ගලයන් මට හූ... කියනවා. එදා හු කියපු අය අද මාව ප්‍රසංගවලට සම්බන්ධ කර ගන්න සෑහෙන්න උත්සාහ කරනවා. ඒක තමයි දෛවය කියන්නෙ. මහා වැස්‌සෙ මෝටර් බයික් එකේ නැගලා මාරවිල, හලාවත වැනි ප්‍රදේශවලට ඇඹිලිපිටියේ ඉඳන් යනවා. පැය 8 ක් විතරම බයික් එකේම ඉන්න දවස් තිබුණා. කියන්නනම් හුඟාක් දේ තියෙනවා ලියන්න පත්තරේත් ඉඩ මදි වෙයි.? හැබැයි ඔය කිසිම දෙයකින් මමවත් සමන්තවත් (මගේ සැමියා) කිසිම කෙනෙකු පාගලා දාන්න බැරි වුණා. ඒ හැම කටුක අත්දැකීම් මගේ ජීවිතේට පන්නරයක් ලැබුණා කියලා... අද මට සිතෙනවා දුක ළඟම සතුටක් තියෙනවා නේද කියලා. අපේ සමහර ප්‍රවීණ ශිල්පීන්ටවත් නොලැබුණු වරප්‍රසාද බොහෝමයක් ඔබලාට අද හිමි වෙලා තියෙනවා ඒ ගැන ඔයාට මොනාද හිතෙන්නේ? මගේ SඔAR එක කියලා තමයි හිතෙන්නේ. ඒ වාගේම සිරස මාධ්‍ය ආයතනය නිසා තමයි අපි අද යම් කිසි ස්‌ථාවරත්වයක් ලබාගෙන මේ. වැජඹෙන්නේ. ඒකට අපි සිරසට ස්‌තුති වන්ත වෙනවා. ඒ වාගේම ණය ගැතියි. ඔයාගේ "පාරමී" ගැනත් කතා කරන්නකෝ? මෑතකදී එළි දැක්‌වුණුq මගේ Cගෘ තැටියේ නම තමයි "පාරමී" හොද ප්‍රතිචාර තියෙනවා. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. මමයි සුරේන්ද්‍රයි ගායනා කරපු හුඟක් ජනප්‍රිය වුණුq "මීදුම් වසන්තේ ගීතයත් එම Cගෘ පටයේ තියෙනවා. බොහෝ දෙනෙක් කියනවා ඔබ ප්‍රසංග බාරගෙන අත්තිකාරම් මුදල් පවා අරගෙන ඒවාට සහභාගි වෙන්නෙ නෑ කියලා? එහි සත්‍ය මොකක්‌ද? අනේ මම කියන්නමයි හිටියෙ? ඔයා ඔය ප්‍රශ්නය මගෙන් අහපු එක හුඟාක් හොඳයි. මට දන්නෙත් නෑ. මම කිසිම දැනුන්දීමකින් තොරව සමහර ප්‍රසංග පවත්වනවා. ඒ ගැන මම හරියට කණගාටු වෙනවා. ඇයි මෙහෙම කරන්නෙ කියලා. මම කිසිම ප්‍රසංගයකට මුදල් ලබාගෙන සහභාගි නොවී ඉඳලා නෑ. ඔය කතාව සම්පූර්ණ අසත්‍යයක්. අමිලා ඔයාටද සමන්තට ඉක්‌මනට කේන්ති යන්නෙ? ක්‌ෂණික කෝපය තිsයෙන්නෙ සමන්තට. මට නම් කේන්ති ගියොත් මම දවස් දෙක තුන පවා ඒ තරහා ඇදගෙන යනවා. ඒත් සමන්තට එහෙම ඉන්න බෑ. පැයෙන් දෙකෙන් කේන්තිය ඉවරයි . එකම දේ මම කරන්නෙ සමන්තට කේන්ති ගියාම මම නෙමේ ගානට ඉන්නවා. එයාම එතකොට කියවලා පාඩුවේ ඉන්නවා. එයාටම ඇති වෙනවා. ඔබ විදේශ සංචාර සඳහා සහභාගි වුණා. දැනට රටවල් කොපමණ සංඛ්‍යාවකට ගිහින් තියෙනවාද? මම හිතන විදියට රටවල් පහළොවකට පමණ ගිහින් තියෙනවා. ඉතාලී, සයිප්‍රස්, ඩුබායි, බහරේන්, කුවේට්, ඕස්‌ටේ්‍රලියාව, එංගලන්ත, රුසියාවට, ඇමරිකා, ජෝර්දාන්, කැනඩා, කොරියා මට මතක මේ රටවල් ටික තමයි. ඔය සමහර රටවල අය මාව එක වරක් සහභාගි කර ගත්තොත් නැවත ආරාධනා කරනවා මට ප්‍රසංග සඳහා. හොඳ ප්‍රතිචාර තියෙනවා. ඔයාගේ පුතා ගැන විස්‌තර ටිකක් කියන්නකෝ? "බිතුන් චානක ගමගේ කොළඹ තර්ස්‌ටන් විදුහලේ 3 වන වසරේ ඉගෙනුම ලබනවා. එයාත් හරිම දක්‌ෂයි, ගීත ගායනා කරන්න. හොඳ මතකයක් තියෙනවා සිංදුවල පද වැල්. මට හිතෙනවා කවදා හෝ ගායන කේෂ්ත්‍රයට ප්‍රවිෂ්aඨ වෙයි කියා. මගේ ඉදිරි සිහිනය පුතාට හොඳ අධ්‍යාපනයක් ලබා දී රටට වැඩදායක දරුවෙක් කරන්නයි. අමිලාගේ අලුත් ලිපිනය කියන්නකො 67 දියවන්නා උද්‍යානය පැලවත්ත : බත්තරමුල්ලයි සටහන: දමයන්ති දිල්රුක්‌ෂි ඡායාරූප : ශ්‍රී ලාල් ගෝමස් |
||||
|
||||