rupa.gif (2934 bytes)

BACK


නවලිය වෙන්ඩෝල්
සම්මාන උළෙලේ සිත්ගත් රූපලාවන්‍ය ශිල්පිනිය

මම රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වෙන්න
හීන මවපු කෙනෙක්‌ නෙමෙයි

අමාලි ජයවර්ධන

ලස්‌සන දකින්න අපි කවුරුත් කැමතියි. ඒත් ඒ ලස්‌සන නිවැරදිව දැකීsම ඉතාම වැදගත්. රූපලාවන්‍ය තුළින් සිදුවන්නෙත් මේ දේමයි. තවත් කෙනෙකුගේ වරලසේ, මුහුණේ, සිරුරේ ලස්‌සන නිවැරදිව දැක, හඳුනාගෙන එය තව තවත් ඔප්a නංවා ගැනීම රූපලාවන්‍ය ක්‌ෂේත්‍රයේදී සිදු වෙනවා. තවත් කෙනෙකු හැඩ කිරීම රූපලාවන්‍ය ශිල්පිනියකගේ වගකීමක්‌. මේ වගකීම හරි හැටි හඳුනාගෙන තවත් කෙනෙකුගේ සිත තුළ නොමැකෙන ලෙස
රැඳෙන්නට හැකි නම් එය රූපලාවන්‍ය ශිල්පිනියක ලැබූ භාග්‍යයක්‌ නොවේද? තවත් විදියකට කිවහොත් සිත් ගත් රූපලාවන්‍ය ශිල්පිනිය ලෙසින් සම්මාන ලබන්නට වරම් ලැබීම භාග්‍යයක්‌. මේ භාග්‍යවන්තිය ඔබ, අප කවුරුත් හොඳින් හඳුනන රූපලාවන්‍ය ශිල්පිනියක්‌.
ඇය අමාලි ජයවර්ධන. මෙවර නවලිය වෙන්ඩෝල් සම්මාන උළෙලේදී 2008 වර්ෂයේ සිත්ගත් රූපලාවන්‍ය ශිල්පිනිය ලෙසින් සම්මානය ලබා ගත්තේ ඇය යි.
හැම දෙනාගේම සිත්ගත් රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වෙන එක අමාරු වැඩක්‌ නේද අමාලි?
ඔව්. හැබැයි තමන්ට අයිති කාර්යය නිවැරදිව වටහාගෙන, තමන්ගේ වගකීම හරි හැටි ඉෂ්ඨ කරනවා නම් ඒක වරදින්න විදියක්‌ නෑ. ඒ වගකීම මම ඒ විදියටම ඉටු කළා. ඒ නිසා වෙන්න ඇති මම සිත්ගත් රූපලාවන්‍ය ශිල්පිනිය වුණේ.
පුංචි කාලේ ඉඳලා තිබුණ හීනයක්‌ද මේ සැබෑ වුණේ...?
නෑ..මම රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වෙන්න හීන මවපු කෙනෙක්‌ නෙමෙයි. මම උසස්‌ පෙළ දක්‌වාම ඉගෙන ගත්තේ අනුරාධපුරයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. අපි කොළඹ වුණත්, අම්මයි තාත්තයි ව්‍යාපාර කටයුතු සඳහා අනුරාධපුරයට ගිහිං හිටියේ. ඒ නිසා අපිත් එහේ පදිංචි වුණා. මං උසස්‌ පෙළට කළේ භූගෝල විද්‍යාව , ආර්ථික විද්‍යාව හා බෞද්ධ සංස්‌කෘතිය කියන විෂයන්. පාසලේදී නං හරියට බාහිර වැඩවලට සම්බන්ධ වුණා. තූර්ය වාදක කණ්‌ඩායමේ පවා හිටියා.
කොහොම හරි මම අධ්‍යාපනය වැඩි දුර හදාරන්න කොළඹ ආවා. මම හිතාගෙන හිටියේ මම නීතිඥවරියක්‌ වේවි කියලා. රූපලාවන්‍ය ගැන නං අදහසක්‌ තිබුණේම නෑ.
එහෙම නම් රූපලාවන්‍ය ශිල්පිනියක්‌ වුණේ කොහොමද?
මම මගේ දුව ලැබිලා ගෙදර ඉන්න කාලෙදී තමයි මට හිතුනේ රූපලාවන්‍ය හදාරන්න ඕනේ කියලා. මං මුලින්ම වයි. ඩබ්. සී. ඒ. එකේ බර්ගර් ගුරුවරියක්‌ උගන්වපු කොණ්‌ඩා සැකසීම් පාඨමාලාවක්‌ හැදෑරුවා. ඒ තමයි මගේ ආරම්භය. ඊට පස්‌සේ ගෙදර පැත්තක මේ කටයුතු කළා. පස්‌සේ තමයි රූපලාවන්‍යාගාරයක්‌ ආරම්භ කළේ, මම, මගේ සුදුසුකම් හදාගන්න තායිලන්තය, සිංගප්පූරුව වගේ රටවලට ගිහිං රූපලාවන්‍ය හැදෑරුවා. මම මෙතනදි දෙයක්‌ කියන්නම ඕනේ. මාධ්‍යයකින් කියලා මම ඉස්‌සරවෙලාම සම්බන්ධ වුණේ නවලියට. නවලිය පත්තරේ තමයි අමාලි ජයවර්ධනව ජනතාවට හඳුන්වලා දුන්නේa.
එදා සහ අද වන විට ක්‌ෂේත්‍රයේ ඔබ දකින වෙනසක්‌ තියෙනවද?
මෙහෙමයි, එදා අපිට හොඳ සේවා දායකයන් පිරිසක්‌ හිටියා. ඒ වගේම මේ තරමට මේ ක්‌ෂේත්‍රය පුළුල් වෙලා තිබුණෙත් නෑ. නවලිය මගින්ම වැඩමුළු සංවිධානය කළා. ලංකාවේ පළවෙනි වතාවට පත්තරයක්‌ ඒ වගේ දේ කළේ, ඉතාම දක්‌ෂ පලපුරුදු පිරිසක්‌ එදා එකතු වෙලා හිටියේ. ඒ නිසා ඒ කාලයේ හොඳ පිළිsගැනීමක්‌a රූපලාවන්‍යයට තිබුණා. නමුත් දැන් නම් මේ ක්‌ෂේත්‍රයේ තත්ත්වය ටිකක්‌ විතර බාලවෙලා කියලයි මට හිතෙන්නේ. ඒකට හේතුව දැන් සැලුන් වුණත් බහුලයිනේ. බොහෝ දෙනෙක්‌ කාර්යය නියම විදියට කරන්න බලන්නේ නෑ. මුදල ගැන විතරයි හිතන්නේ. මම දැන් අවුරුදු 20 ක්‌ තිස්‌සේ මනාලියෝ හැඩ ගන්වනවා. සමහර දවසට මනාලියෝ 10-12 ක්‌ විතර ඉන්නවා. මේ විදියට හැමදාම වැඩ තියෙන්නේ මං මගේ වගකීම හරිහැටි කරන නිසයි. මං කැමතියි අලුතින් ක්‌ෂේතZ්‍රයට එන අයටත් කියන්න, මේක කරන්නන් වාලේ කරන්නේ නැතුව ඒ ගැන ඉගෙන ගෙන, කරන දේ හරියට කරන්න කියලා. මනාලියක්‌ අන්දවනකොට විශේෂයෙන්ම හිතන්න ඕන. ඒක ජීවිතයේ වැදගත්ම දවස. තමන්ට ඒ දිනය වටිනවා වගේම, තමා හැඩ කරන මනාලියටත් ඒ දිනය වටිනවා. ඒ විදියට වැඩ කළොත් දිගු කාලයක්‌ ක්‌ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්.
අමාලිත් මේ විදියට වැඩ කළ නිසාද මේ ජයග්‍රහණයට හිමිකම් කියන්න ලැබුණේ?
ඇත්තටම, මම මේක අවස්‌ථාවක්‌ කරගන්නවා මගේ පාඨකයන්ට ස්‌තුති කරන්න. එයාලා මගේ නම ලියලා එවපු නිසයි මම මේ ජයග්‍රහණය ලැබුවේ. මගේ නම යෝජනා කිරීමෙන්, ඔවුන් මගේ සේවය අගය කළා කියලයි මං හිතන්නේ. ඒ වගේම මේ වගේ දෙයක්‌ සංවිධානය කළ නවලිය පුවත්පතටත්, වෙන්ඩෝල් සමාගමටත් මං ස්‌තුති කරන්න ඕනේ. මේ වෙලාවේ මට අමතක කරන්න බෑ නවලිය හිටපු කර්තෘ චාන්දනී විඡේතුංග මහත්මියව. ඇය තමයි මාව නවලිය මගින් ලංකාවේ කාන්තාවන්ට හඳුන්වා දුන්නේ. ඇයට මගේ ස්‌තුතිය හිමි වෙන්නම ඕනේ.
ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක්‌ දැනගන්න පාඨකයෝ කැමති වේවී
මගේ දුව දැන් මාත් එක්‌කම මේ ක්‌ෂේත්‍රයේ කටයුතු කරනවා. එයා පාසල් අධ්‍යාපනය නිමා කළාට පස්‌සේ, මං විදේශ රටවලට යවලා එයාව පුහුණු කෙරෙව්වා. දැං මට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයේ එයා ඉන්නවා. මගේ පුතා දැන් උසස්‌ පෙළ කරලා ඉන්නේ. මගේ වැඩවලට බොහොම සහය දක්‌වන්නේ මගේ මහත්තයා. ඒ වගේම දුවගේ, සැමියාත්, මට ගොඩක්‌ උදව් කරනවා. එයත් මට මගේම පුතෙක්‌ වගේ. මේ හැමදෙනාගේම උදව්වත් මගේ ජයග්‍රහණයට හේතු වුණා.

චාමරි බණ්‌ඩාර

පින්තූර කමල් බෝගොඩ