sWm`shQw up`lQ pRvw~pw~
sm`gm,
223, b|lRm#n~dl~ p`r, @k`LB 13.
|
හෙට දින ලස්‌සන
කරන්නට
අද දින සිතට ගනිමු
පාසල නිම වී නිවසට එමින් සිටි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක ඝාතනය කොට,
කැළෑවක දමාගොස් තිබියදී සොයා ගෙන තිබේ.ඇය රත්නපුර, එල්ලාවල මහා විද්‍යාලයේ
ඉගෙනුම ලබමින් සිටි පියුමි මාධවිකා ජයසිංහ ය.දියණිය වෙනදා වෙලාවට පාසලින්
නිවසට ඒම ප්‍රමාද වී ඇත්තේ ඇය පාසලේ ශිෂ්‍ය නායිකාව වූ නිසා ශිෂ්‍ය නායක
රැස්‌වීමකට සහභාගි වී ඇති නිසාවෙනි.උදේ පාසලට ගිය තම දියණිය නිවසට ළඟාවීම
බලාපොරොත්තුවෙන් සිටින මවට දියණිය පිළිබඳව යම් අනතුරක සේයාවක්‌වත්
නොදැනෙන්නට ඇත.
එහෙත්, සිදු ව ඇත්තේ හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. මවක වශයෙන්
උසුලන්නට අමාරු වේදනාවකි. පාසල් වයසේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට සිදුවන අනතුරු
එන්න එන්නම වැඩිවන බවක් දක්‌නට ලැබේ. මේ මෑතකදී දරුවන්ට සිදු වූ මෙවැනි
අනතුරු බොහොමයක් අසන්නට ලැබුණේ අපේ හදවතට ද වේදනාවක් එක් කරමින් ය. එම
අනතුරුවල අවසානය වූයේ දරුවන්ට ජීවිත අහිමි වීමය.
දරුවකුගේ ජීවිතයක් අහිමි කිරීමට තරම් මිනිසෙකුගේ සිතක් කෲර වූයේ කෙසේදැයි
මතුවන්නේ ප්‍රශ්නයකි.
දරුවන් ඝාතනයට ලක් කරන්නේ ඇතැම්විට පියවරුන්ය. එසේත් නැතිනම් බාල සහෝදර -
සහෝදරියන් සිටින්නවුන් ය.එසේ නොවුවත්, කෲර නපුරු සිතින් තවත් ජීවිතයක්,
විශේෂයෙන්ම පාසල් වියේ පසුවන ජීවිතයක් විනාශ කරන්නට ඉදිරිපත් වන්නෝ කාගේ
හෝ මවකගේ පුතෙකු වන්නේම ය.
එය එසේ නම්... "වැරදුනේ කොතැනදැයි" මතුවන්නේ ප්‍රශ්නයකි. දරුවන් ආගම - දහමට
අනුව "ක්‍රෝධය සහ කුහක සිත්" නොමැති දරුවන් ලෙසින් හැඩගැසිය යුත්තේ, ඔවුන්
මතු දින අපේ සමාජයට කරදරකාරී, පීඩාකාරී මිනිසුන් නොවන ලෙස ජීවත් වීමේ
අවශ්‍යතාවය අද සමාජයේ මිනිසුන් වෙතින් අප හොඳින්ම අත්විඳින නිසාවෙන් ය.
මවුවරුන් වශයෙන් එම වගකීම වෙන කවරදාටවත් වඩා අපේ සිත් තුළට ගත යුතු කාලයක්
අද අප අබියස ඇත. ඒ හෙට දින ලස්‌සන සමාජයක් උදාකර දීමේ වගකීමේ කොටස්
කරුවන්ද අප වන නිසාවෙන්ම ය. |
|
|