featu.gif (545 bytes)
ජීවිතයට අවශ්‍ය ආදරය
මායාවක්‌ හෝ මිරිඟුවක්‌ නොවිය යුතුය



දවටගහ පන්සල මට සුපුරුදු තැනක්‌ නොවීය. එහෙත් එහි සිත පහන් කරනා පරිසරය මගේ සිත් ගත්තේ ය. එක අතකට මෙය දවටගහ පන්සලට විශේෂ වුණුq ස්‌වභාවයක්‌ද නොවේ. සැලෙනා බෝ පත් අතරේ සුවදායක රිද්මයටත්, වැලි මළුවේ ඇවිද යද්දී දෙපතුල් ඒ තුළ ගිලී මතුවන ගැඹුරු නිහැඩියාවටත්, විහාර ගෙවල් තුළින් දැනෙනා ආත්මීය සුවදටත් මම ප්‍රිය කළෙමි. සැලෙනා බෝ පත් පිසගෙන හමනා සුළඟින් සිත සැහැල්ලුවට පත් කරනා සිතිවිලි උපද්දවයි.

මා දවටගහ පන්සලට ගිය මුල්ම දිනය එක්‌ සුවිශේෂී බවකින් යුතු වූ බව නම් කිව යුතුය. ඒ ඇයගේ ඇරයුමක්‌ නිසාවෙනි. ඇය නමින් නිර්මලාය. මම ඇයට මුළු හදවතින්ම ආදරය කළෙමි. ඇයව දැකීමට පවා ප්‍රිය කළෙමි. අහම්බෙන් ඇය මගේ ජීවිතයට සමීපවුණුq අයුරු නින්දේදී දකිනා සිහිනයක්‌ මෙන් පියකරු විය. සැහැල්ලුවෙන් හිදිනා මොහොතක්‌ වේ නම් එවිටදී සිතට ගලා ආවේ ඇය පිළිබඳ මතකයන්ය. සිත අවදිවන්නට වූයේ ඇයගේ දෙනෙතේ කතාවෙන්ය. ආදරය වෙනුවෙන් මා දැක්‌විය යුත්තේ කිනම් වූ දයාවක්‌ද...? එපරිද්දෙන්ම නොවේ නම් එයටත් වැඩියෙන් මම ඇයට සෙනෙහේ පිරුවෙමි. හිරු නැග එන හිමිදිරියේ, හිරු බැස ගිය හැන්දෑවේ , නිදි යහනට වන් විටදී මතු නොව නින්දේ දකිනා සිහිනයෙන් පවා මම ඇයට එක ලෙසින්ම ආදරය කළෙමි.

එහෙත් මා ඇයව විමසුවාදැයි මම අද කල්පනා කරමි. මාගේ පැත්තෙන් ඇය පිළිබඳව බලාපොරොත්තු තබාගත්තා පමණි. මගේ ජීවිතයේ සැහැල්ලුව හා එහි රිද්මය ඇයට කිසියම් වෙනසක්‌ වින්දනයක්‌ ලබා දෙන්නට ඇත. ඒ නිසාම ඇය මා වෙතට සමීපවන්නට ඇත. එහෙත් මා හඳුනාගන්නට පෙරදී පටන්ම ඇය වෙනකෙකුගේ පෙම්වතියව සිටියා ය. එය ඇගේ හෝ මගේ වරදක්‌ නොවේ. නමුත් මගේ සිත, සිතිවිලි මටම ආකූල නොවන්නට වූයේ එය දැනගත් පසුවදීය. සිත් නොහොදින්, නෝක්‌කාඩුවෙන් ගෙවී ගිය දින කිහිපයකට පසු අපි බොහෝ දුරස්‌ත වී සිටියෙමු. තමා පිළිබඳව බලාපොරොත්තු තබා නොගන්නා ලෙසත්, අවසන් වතාවට මා හමුවීමට දවටගහ පන්සලට පැමිණෙන බවත් ඒ ආසන්න දිනයකදී ඇය මට කියා එවා තිබිණ.

ඇය කමනී නංගී සමඟ බෝමළුව වෙත ඇවිද ආවාය. ඇයගේත්, මගේත් කෙටි අතීත මතකය ගොනුවූයේ කමනී නංගිලාගේ නිවසේදී වු බැවින් ඇය නිර්මලාගේ මෙන්ම මගේද යෙහෙළියක වූවාය.
"ඔන්න දෙන්නත් එක්‌ක ඕන දෙයක්‌ කතා කර ගන්න. මම අක්‌කලාත් එක්‌ක බණ මඩුවට යනවා."
බෝ මළුවේ අප තනිකර දැමූ කමනී නංගී ධර්ම දේශනාව පැවැත්වෙන බණ මඩුව දෙසට ඇවිද ගියාය. ඇය පසුබිමෙහි වූ බෝධි ප්‍රාකාරයේ බිත්තිය දියසෙවල බැදී දුර්වර්ණ වී තිබිණ. එයත් හරියටම බලාපොරොත්තු සුන්වී යන මගේ ජීවිතය මෙනි යෑයි මට සිතින. ආදරය යනු මිරිගුවක්‌ද? නැතිනම් මායාවක්‌ද ජීවිතය අතරමන් කරවන?

ඇය මාගෙන් සමුගන්නට සැරසෙන විරාමයේ දී මම හදවතින්ම හුදකලා වීමි. බොහෝ වේලා ගොළු වී සිටියද අප අතරේ දහසක්‌ වචන කියවුණා වැනිය. සමුනොගන්නා ලෙසත්, දුරස්‌තර වී නොයනා ලෙසටත් මම ඇයට බැගෑපත් වූවා වැනිය. නිවීමට ආසන්න පහනකින් විහිදුනු ගිනි දැල්ලක දීප්තියෙන් ඇගේ මුහුණ වටා ඔපවත් විය. රත් පැහැයෙන් දිලුනු රෝස පැහැ දෙකොපොල් දෙස මම බලා සිටියෙමි. මගේ ආදරය, මගේ සෙනෙහස හදුනා නොගත් ඇය... ඇසෙන නෑසෙන ලෙසින් වූ ඇයගේ සිහින් ඉකිබිඳුම... මා හදවත කම්පනය කළ ඇගේ සුසුමක හඬ... පරිසරයම මා වටා බ්‍රමණය වූවාක්‌මෙන් මට දැණින. ඇය මගේ ආදරයට අනුකූල නොවන්නීය. ඇය මගේ ලෝකයෙන් බැහැරවීමට තතනන්නීය. එසේ නම් මා කුමක්‌ කළ යුතුද? ඇගෙන් පලා යා යුතුය. නැතිනම් දැඩි බාහු බලයෙන් ඇය ග්‍රZහණය කොට සිරකර තබාගත යුතුය. දීප්තියෙන් බැබළුනු පහන් සිල එක්‌වරම නිවී ගියාය. ඇගේ මුහුණේa අමතර දීප්තිය නැතිවී ගියේය.

"මගේ ජීවිතයට තවත් කිට්‌ටු වෙන්න හදන්න එපා රංග අයියේ.... අපි ආදරයක්‌ ගැන කතා කළේ නැහැනේ. ඔයා ඒක දන්නවා."
"ආදරයක්‌ ගැන... ඔව්. හරි. ඒත් නිර්මලා අපි මොනවා ගැනද කතා නොකළේa? මං දැන් කොහොමද මගෙ හිත හදාගන්නේ?"
"මාව සහන්ට අයිතිවෙලා ඉවරයි. ඔයා හිතන විදිහට මං පිරිසිදු කෙල්ලෙකුත් නෙමෙයි. අපි ලබන මාසේ මැරී කරනවා. ඒක කියන්නයි මං අද ආවේ. මාත් එක්‌ක තරහා වෙන්න එපා"
ඇගේ ඉකිබිඳුමේ හඬ තරමක්‌ වැඩි වෙද්දී මියයන සෙනෙහස පාමුල මම ඔහේ බලා සිටියෙමි. මා පැතූ ලෝකයත්, එහි මුළු අනාගතය ද සමගින් ඉරිතලා දෙදරා ගියේය. මම සියල්ල දරාගෙන උන්නෙමි.

"අදින් පස්‌සේ අපි හම්බවෙන්නෙ නැහැ රංග අයියේ. ඔයාගෙ ජීවිතයට වාසනාවක්‌ම වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ ආදරයත් මට තේරෙනවා. මට සමාවෙන්න රංග අයියේ.. මං යන්නං..."
සියල්ල එසේ නිමාවිය. ආදරයෙන් හුදකලා වූ මා අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද? මගේ ජීවිතයට වාසනාවක්‌ම පතන්නී නම් එසේ වනුයේ ඇය මා වෙත පැමිණියහොත් බව ඇය තේරුම් නොගත්තේද? මගේ ආදරය තේරුම් ගත්තා නම් එයට පිළිවදන් නොදී කල්මැරුවේ ඇයි? අවසානයේ ඇය සමාව ඉල්ලා සිටින්නීය. තවත් යුවතියකට පුදදිය නොහැකි වන ලෙසින් මම නිර්මලාට ආදරය කළෙමි. එහෙත් සියල්ල සිහිනයක්‌ විය. හදවත පෑරී ගැළු කඳුළු බිදු දෙනෙතින් පිටවන්නට නොදී සිරකරගෙන සිටියෙමි. සැලෙමින් තිබූ බෝපත් සිලි සිලියෙන් ඔද්දල් වූ සිත සුවපත් කළේය.

ගෙවී ගිය වසර බොහෝ ගණනකට පසු වර්තමානයේ පවා තවමත් මම අමතක නොවූ ප්‍රේමය වෙනුවෙන් සිතුවිලි ගොනුකර ලන්නෙමි. හිමිදිරි උදයේ පිණිබිදුවක්‌ මෙන් වියෑකී ගිය ප්‍රේමයට මම තවමත් ආදරය කරමි. එය නිර්මලාට යෑයි වෙන් කිරීමකින් තොරවය. සමහර විට යොවුන් වියේ දඟකාර කොල්ලෙකු, කෙල්ලක දකින විට ආදරය, සෙනෙහස පිළිබඳ සිතුවිලි මා තුළ උපදියි. දඟකාර කොල්ලෙකු මෙන් සෙනෙහෙ වඩන්නට වුවමනායෑයි මට සිතෙයි. එහෙත් අතරින් පතර සුදුවන් වී ගිය හිසකේ මගේ තරම ගැන මටම වටහා දෙයි.
උපැස්‌ යුවලක්‌ පැලදි මුල් දිනයේ කාර්යාලයේ කටකාර කෙල්ලක්‌ අන්කල් යෑයි පවසද්දී මගේ හිත කීරි ගැසී ගියා මට මතකය. මම එය විහිළුවක්‌ සේ හිතාවී බැහැර කළත් ඒ කෙල්ල මගේ හදවතටම උල් පිහියකින් ඇන්නා නොවේද?

දවටගහ පන්සල මගේ සිතට සියල්ලෙන් විනිර්මුක්‌ත වූ සුවදායක බවක්‌ ලබාදෙයි. නගරයේ ඔද්දල් වූ සිතට එය මහත්ම සැනසීමකි. පන්සල බෝමළුව වෙත යන එවන් දිනක ගල් පවුර මත පහනක්‌ දල්වා වැලි මළුවේ වාඩි ගනිමි. ගෙවී ගිය වසර කිහිපයට වැඩියෙන් ජීවිතය වියපත් වී දෝයි මට සිතෙයි. කිසිවකුගේ ආදරය ජීවිතයට මොනතරම් බලපෑමක්‌ කළ හැකිදැයි මා වටහාගත්තේa මගේම අත්දැකීම් තුළිනි. ගල් බැම්මේ දැල්වෙන පහන අසලින් කවුරුන් හෝ ගැහැනියක දැල්වෙන පහනක්‌ තබා යාවි දැයි විටෙක මම බලමි. මා එසේ නොසිතිය යුතු බව සැබෑවකි. නමුත් ඇතුළු හද ක්‍රියාකරන්නේ එලෙසිනි. ප්‍රේමය නම් ප්‍රේමයම නොවන්නේද?

දමින්ද සමරක්‌කොඩි