health.gif (441 bytes)
දරු පැටියෙකු පතන ඔබට
ගැබිනි මව ඇදුම රෝගයට ප්‍රතිකාර ගත යුත්තේ කෙසේද?

ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
නලින්ද රොද්‍රිගු


අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගර්භනී තත්ත්වය සමග වන ඇදුම සහ හතිය කියන රෝග තත්ත්වයන් ගැනයි.
ඇදුම රෝගය අද වනවිට සමාජය තුළ ඉතා බහුල රෝග තත්ත්වයක්‌. ගර්භනී තත්ත්වයට පත්වන කාන්තාවන් අතරත් ඇදුම රෝග තත්ත්වය ඉතාම බහුල බව කිව යුතුයි.
ගර්භනී තත්ත්වය තුළ වැළඳෙන ඇදුම රෝගය කොටසකට රෝග ලක්‍ෂණ පමණයි පෙන්වන්නේ. තවත් කොටසකට රෝගය උත්සන්න වෙනවා. තවත් කොටසකගේ රෝගය එම තත්ත්වයෙන්ම දිගටම පවතිනවා.


ගර්භනී තත්ත්වයට පත්වන කාන්තාවකගේ ගර්භාෂය විශාල වනවිට, පෙනහලු තෙරපීමක්‌ නිසා පෙනහලුවල එකතු වන වාත ප්‍රමාණය අඩු වෙනවා. වැඩෙන කළලයට හුස්‌ම ගන්න ඔක්‌සිජන් අවශ්‍ය නිසා ඉතාම වේගයෙන් හුස්‌ම ගන්න වෙනවා. කොහොමටත් මාස දෙක තුනක්‌ සම්පූර්ණ වන කළලය වේගයෙන් හුස්‌ම ගනිමින් ඔක්‌සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමත් ඇතැම්විට ඇඳුම රෝගය කියලා වැරදියට තේරුම් ගන්නවා.


ස්‌වසන පද්ධතියේ ආසාධනයක්‌ ආවත් ගර්භනී තත්ත්වය නිසා එම රෝග ලක්‍ෂණ වැඩිවීමක්‌ ඇති වෙන්න පුළුවනි. මෙම තත්aත්වය අපි හඳුන්වන්නේ බොන්කයිල් ඇස්‌මා යනුවෙන්. මෙම රෝග තත්ත්වයට දෙන ප්‍රතිකාරයක්‌ තමයි ඉන්හේලරයක්‌ භාවිත කරන්න උපදෙස්‌ දීම. මෙම ක්‍රමය ඉතාම සුදුසු ප්‍රතිකාර ක්‍රමයක්‌. ඒ වගේම ගෙදර දොරේ කරන පිළියම් විදිහට උතුරාගත් වතුරේ වාෂ්පය ඇල්ලීම, කොත්තමල්ලි වතුර පානය කිරීම සුදුසුයි. නමුත් වෙළඳ පොළේ තියෙන බෙහෙත් පැකට්‌ කුඩු වර්ණ භාවිතය නුසුදුසුයි.


ඒත් එක්‌කම යම්කිසි ගර්භනී කාන්තාවකට කැස්‌ස ඇති වෙනවා නම් එය ඇදුම රෝගයේ උග්‍ර අතට හරවන්නට හේතු විය හැකියි. ගර්භනAS තත්ත්වයේදී ඇතිවන කැස්‌ස යහපත් කරන බෙහෙත් වර්ග එය අපි හඳුන්වනවා කොෆ් සස්‌ප්‍රෙසස්‌ ලෙස හදුන්වන බෙහෙත් අපි භාවිත කරනවා.
තවත් බ්‍රොන්කයිල් ඇස්‌මා කියන රෝග තත්ත්වයට හෝ සිවියර් බ්‍රොන්කයිල් ඇස්‌මා කියන තත්ත්වයට පත් වුණොත් කුස තුළ වැඩන දරුවාට ඔක්‌සිජන් නොමැති වෙලා අයි. යූ. ජී. ආර්. (ෂඹඨR) හෙවත් වර්ධනය අඩු දරුවෙක්‌ බිහිවෙන්න ගන්නවා.
ඇස්‌මා ලෙස හඳුන්වන මවුවරුන්ට ඇඳුම තත්aත්වය ඇති වෙන්නේ විවිධ අපද්‍රව්‍ය ස්‌වසන මාර්ගයට ඇතුලුවීමෙන් සහ විවිධ අසාත්මික තත්ත්වයන් නිසාවෙන්. මෙම තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළයි. ගර්භනී සමය තුළදී. උදාහරණයක්‌ විදිහට ඇතැම් කාන්තාවන්ට පරාග, වාහනවල දුම් වර්ග, පරිසරයේ තියෙන විවිධ අංශු , කෑම බීම අසාත්මික වෙනවා. ඒ නිසයි වෛද්‍යවරුන් ගර්භනී මවුවරුන්ට උපදෙස්‌ දෙන්නේ. ජනතාව වැඩිපුර ගැවසෙන තැන්වලට, සෙනඟ තෙරපෙන තැන්වලට මවුවරුන්ට යන්න එපා කියලා. මෙවැනි තැන්වලදී මවුවරුන්ට බෝවෙන රෝග, අසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි.


මවුවරුන්ට යම් දෙයකින් අසාත්මික වෙලා ඇදුම තත්ත්වය ඇතිවෙනවා නම් ඔවුන් වෙනුවෙන් වෛද්‍යවරයා ගැළපෙන ඖෂධ නියම කරණු ලබනවා. බොහෝ වෙලාවට ඔවුන් වෙනුවෙන් නිර්දේශ කරන්නේ මවටත් ගැළපෙන කළලයට හානිa නොවන ප්‍රතිජීවක ඖෂධ වර්ග පමණයි. ඇදුම කියන්නේ වෛද්‍යවරයෙක්‌ ලවා ප්‍රතිකාර ලබා ගත යුතු තත්ත්වයක්‌ බව මව දැනගත යුතුයි.
ලබන සතියේ තවත් කොටසක්‌ සාසකස්‌


සාකච්ඡා කළා හරින්දි ලියනගේ