story.gif (703 bytes)

BACK



අවසන් කොටස

දෙමාපියන්ට දරුවන්ගේ ආදරය,කරුණාව, රැකවරණය
අවශ්‍ය වන්නේ ඔවුන් මහලු වියට පත් වූ විටය


මාලා වජිරා පෙරේරා

හෙටින් පසු මම අලුත් ජීවිතයක්‌ ආරම්භ කරන්නෙමි. මගේත්, ලුසිනාගේත්, පදිංචිය සඳහා නව නිවහනට යන්නෙමි. මගේ නැන්දණිය වූ සෝමා කුමාරි රංදුනු බණ්‌ඩාර ට සිර කුටියක්‌ වූ ඒ නිවහන මටත්, ලුසිනාටත් සැනසුම් කුටියක්‌ වනු නොඅනුමාන ය. එම නිවහනේ නීත්‍යනුකූල අයිතිය ඇත්aතේද ලුසිනාට ය. මා සතුව දැන් බිම් අඟලකුදු නැත. එය මගේ සිතට සහනයකි.

මා සතුව තිබුණ අන්තිම වස්‌තුව වූ "රංදුනු වාසල" ඇතුලු අක්‌කර 10 ක ඉඩම් කොටස අනාත දරුවන් වෙනුවෙන් බාරකාර මණ්‌ඩලයකට පැවරුවෙමි. සත් දෙනෙකු ගෙන් සමන්විත වූ එම බාරකාර මණ්‌ඩලයට මා ඇතුලුව සචින්ත පුතා, චචිත්‍රා දුව, ප්‍රීති ඇන්ටී, මගේ ලේලිය පුෂ්පිනී, ලුසිනා සහ මදනායක අංකල්ද ඇතුළත් විය.

මා ජීවතුන් අතර නැති කාලෙක මෙම අනාත දරු නිවාසයේ කටයුතු කුමන ආකාරයකට සිදුවේදැයි කාට නම් කිව හැකිද? මට ඇති අවශ්‍යතාවය මගේ දරුවන්ට තිබේදැයි මම නොදනිමි. සමහර දරුවන් තමන්ගේම දෙමාපියන් නොසලකා හරින යුගයක මගේ දරුවන් වුවත් අන් දරුවන්ගේ කටයුතු සොයා බලා ඉටු කරන බවට මට විශ්වාසයක්‌ නැත. එවිට අහිංසක දරුවන්ගේ ජීවිත කඩා වැටෙන්නේය. එම නිසා එම දරුවන්ගේ අධ්‍යාපනය හා අනිකුත් කටයුතු වෙනුවෙන් ලක්‌ෂ විස්‌සක මුදලක්‌ බැංකුවේ තැන්පත් කෙළෙමි. එය "රං දරු වාසල" බවට පත්වූ සුන්දර අහිංසක දරුවන්ගේ නිවහන වූ රං දරු වාසලේ පැවැත්මට මහඟු උපකාරයක්‌ වන්නේය. එසේ නැතහොත් මා ආශාවෙන් ගොඩ නංවන ඒ ජීවිත වලට අනාගතයේ දී කුමක්‌ සිදුවේදැයි කාට නම් කිව හැකිද?

සමහර සල්ලිකාරයින්ගේ, දුෂ්ඨ ගති පැවතුම් ඇත්තවුන්ගේ, සල්ලාලයින්ගේ නොහොබිනා කම් නිසා ඔවුන්ගේ කෙළි බඩු බවට පත්වෙන තරුණියන් මෙලොවට අනාතයන් ලෙස බිsහිකරන මල් වැනි සුන්දර දරුවන්ගේ ජීවිත සුත, මුදිත කිරීම මගේ පරමාර්ථයයි.
මා පුරුදු වී සිටින්නේ ජීවිත දෙස උපේක්‌ෂාවෙන් බැලීමටය. හැම විටම ප්‍රබල විය යුත්තේ සිතුවිලිය. මා දුක, සැප , දෙක එකසේ විඳ දරාගෙන ජීවත් වූ "රංදුනු වාසල " දැන් "රං දරු වාසල" බවට පරිවර්තනය වී ඇත. වලව්ව ඉදිරිපිට සහා වලව්වට හැරෙන මායිමේ එම නාම පුවරු සචින්ත පුතා විසින් සාදවා ගෙනවිත් ඉදිකරවා ඇත. ඔහු මගේ අදහස්‌ ක්‍රියාත්මක කිරීමට හැමවිටම උපකාරී වේ.
හෙට ස්‌ම පුවත්පතකම මෙම "රං දරු වාසල" පිළිබඳව දැන්වීම් පළවේ. පිය උරුමය අහිමි වූ දරුවන්ට මෙය සුර විමනක්‌ වනු නොඅනුමාන ය. වංචාකාරී ආදරයෙන් මුලාවීමේ හේතුවෙන් ලැබූ තම දරුවා බරක්‌ වූ මව්වරුන්ට මෙය සහනයක්‌ වන්නේය.

මට මේ සියලු දෙයක්‌ම කිරීමට හැකිවූයේ චිරංතගේ අප්පච්චි සියලු දේපලවල උරුමය මා නමට ලියා තැබූ නිසාය. ෆෙයාලින් ඉග්නේෂස්‌ රංදුනු බණ්‌ඩාර නම් වූ අප්පච්චිගේ මොන වැරදි තිබුණත් ඔහු සියලු දේපල අනාගත පරම්පරාවට උරුම වීමට වැඩ පිළිවෙල යෙදුවේය.
අනාගතයේ දී "රං දරු වාසලට" එක්‌වන දරුවන්ට නිසි අධ්‍යාපනය, පෝෂණය මෙන්ම ආරක්‌ෂාව ද නොඅඩු ලැබෙනු ඇත.

එවිට ඔවුන්ගේ අනාගතය සරුසාර වනු ඇත. එසේම වලව්ව තුළින් අතීතයේ මගේ දෙසවනට ඇතුලු වූ ඒ අමිහිරි කටුක වදන්, වේදනාත්මක අදෝනා මැකී සුරතල් දරුවන් නඟන කිsංකිණි සිනහා හඩින් මගේ දෙසවන් පිරෙනු ඇත. එවිට මේධාවී රංදුනු බණ්‌ඩාර කුමාරිහාමි නම් වූ මා විඳි කටුක අත්දැකීම් අමතක වනු නිසැකය.

පුතුන් දෙදෙනෙකුගේ හා දියණියකගේ මවක්‌ වූ මා හෙටින් පසු මේ "රං දරු වාසල" තුළ දරුවන් ගණනාවකගේ ආදරණීය, සෙනෙහේබර මවක්‌ වන්නෙමි. පිය උරුමය පමණක්‌ නොව සමහර දරුවන්ට මව් සෙනෙහසද අහිමි වන්නේය. මාතෘ භාවයට නිගාදෙන මව්වරු තම දරුවා මහමග දමා යන අවස්‌ථාද ඇත. සමහර විට එසේ කරන්නේ තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් නිසා සමාජයටත්, තම දෙමාපියන්ටත්, තම ඥාති වර්ගයාටත් මුහුණ දීමට බැරි නිසා විය හැකිය.
මින්පසු ඔවුන්ට පිහිට වීමට "රං දරු වාසල සෑදී, පැහැදී සිටි. දරු සිඟිත්තා වැඩෙන තුරු මවගේ උණුසුම දරුවාට අනිවාර්යෙන්ම ලැබිය යුතුය. දරුවාගේ පෝෂණය සඳහා කිරි අවශ්‍ය වේ. දරුවා වැඩුන පසු එම මවට අපගේ වතුවල රැකියාවක්‌ කර ජීවත් වීමට කටයුතු සැලැස්‌වීම මගේ ඊළඟ අරමුණයි. එවිට එම මවට තවදුරටත් ජීවත් වීමට ආශාවක්‌ ඇතිවන්නේය.

මා අනාගතයේ කිරීමට සැලසුම් කර ඇති මෙවැනි වැඩපිළිවෙලවල් නිසා තම ජීවිතය ගැන කලකිරී සිටින මව්වරුන්ට ඉදිරියේදී සතුටින් ජීවත්වීමට ඉඩ සැලසෙන්නේය.
දරු තිදෙනෙකුගේ මවක්‌ වූ මට මුහුණ දීමට සිදුවන පාලුව, තනිකම "රං දරු වාසල" තුළ සිටින දරු පැටවුන් නිසා මැකී යන්නේය. එම සුන්දර දරුවන් මා වටකරගෙන සිටිනු ඇත. මා සමඟ දුක සැප බෙදාගත් ලුසිනාද ඒ සතුට විඳ ගනිමින් මා අසලම දැවටෙනු ඇත.

මල් කැකුලුවන් ඒ සුන්දර, අහිංසක දරු පැටවුන්ගේ දඟකාරකම්, කෑ කෝ ගැසීම්, සිනහා හඩින්, සුරතල් බසින් මගේ පාලුව, තනිකම මැකේ. එවිට මට කිව නොහැකි තරම් සතුටක්‌ සැනසීමක්‌ අත් විඳිය හැකිය.එයින් ලැබෙන සතුට, සැනසීම, දේපල, වස්‌තුව, මිල මුදල් වලින් කිසිදා ලැබිය නොහැකිය. අන්න ඒ යථාර්ථය තුළ සතුටින්, සැනසීමෙන් සිතේ නිදහසින් මට අවසන් සුසුම් හෙලිය හැකිය. මගේ බලාපොරොත්තුවත්, ඒකායන ප්‍රාර්ථනයත් එයයි.

ඇහැල ගහ යට ගල් බැංකුව මත වාඩිවී සිටින මගේ සිතුවිලි ඈතට ඈතට ඇදී යයි. මගේ දෙනෙත් රංදුනු බණ්‌ඩාර පරපුරට අයත්ව තිබුණ "රං දරු වාසල" දෙසට යොමුවේ. එම වලව්ව ද ඉන්ද්‍රලයක්‌ සේ නොසැලි මා දෙස බලා සිටී.

යළි දිනක අපි නැවත හමුවෙමු