story.gif (703 bytes)

BACK


මොකද අනුරුද්ධ කල්පනා කරන්නෙ


09 කොටස

"ලෙඩේ නම් හොඳ නෑ ප්‍රමෝද්.... කැම්පස්‌ ආව විතරයි මනෝ ගහන්න පටන් අරන් නේද? ඕව පැත්තක තියෙත්දී යං "වල" ට තේ එකක්‌ බොන්න"

මා හා අනුෂ්කා අතර ප්‍රේම සම්බන්ධයක්‌ තිබේදැයි අක්‌කා තුළ සැකයක්‌ ඇති වන අයුරින් හැසිරීම පිළිබඳව මතක්‌ වී මා තනියෙන් සිනාසීම අනුරුද්ධ තේරුම් ගත්තේ වෙනත් ආකාරයකට විය යුතුය. ඔහුට එලෙසම සිතන්නට ඉඩදී මම නැගී සිටියෙමි.

අපි සරසවියෙහි "වල කැංටිම" නමින් සිසුන් විසින් හඳුන්වනු ලැබූ ආපනශාලාව වෙත පිය නැගුවෙමු. ඒ වන විට ආපනශාලාව සිසුන්ගෙන් පිරී පැවතුනි. එහි සිටි ජ්‍යෙෂ්ඨ සිසුන්ද නවක සිසුන්ද අප දෙදෙනා දෙස විමසිලිමත්ව බලන බව අපි අත්දැකීමෙන් දනිමු. උත්තුංග දේහදාරී සිසුන් සරසවියෙහි හිග වූ නිසාදෝ බොහෝ සිසු සිසුවියන් අප දෙදෙනා දෙස උනන්දුවෙන් බැලීමට පුරුදු වී සිටියහ. අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය.

"උඹලා දුටුගැමුණු පරම්පරාවෙද?"

නවක වද සමයේදී ජ්‍යෙෂ්ඨ සිසුන් එවැනි වදන් පවසනු මට මතක ය.

බොහෝ ශිෂ්‍යාවන් අනුරුද්ධ පිළිබඳව අවධානය යොමු කරන බව මම දැන සිටියෙමි. එය පුදුමයට කරුණක්‌ නොවීය.

"අනුරුද්ධගේ බඹා කෙටු කෙනා මෙහෙ නැත්ද?" මම අනුරුද්ධගෙන් විමසූවේ විහිළුවටම නොවේ.

"තාම නම් නෑ වගේ." ඔහු දඟකාර ලෙස සිනාසෙන්නේය.

"ඊළඟ නැවෙන් වත් බලන්න වෙයි"

"මට විතරක්‌ මොකද? ප්‍රමෝද්ටත් බලන්න පුළුවන්.."

"බලමු...බලමු..මට ගෑනු ළමයෙක්‌ හොයා ගන්න නම් උඹ එක්‌ක ඉඳලා බැරිවෙයි."

අනුරුද්ධ සිනාසෙමින් මගේ කර වටා අත දමාගත්තේ ය.

මට සරසවියෙහි නේවාසික පහසුකම් ලැබුණ අතර අනුරුද්ධ දෙහිවල පිහිටි ඔහුගේ නිවසෙහි සිට දිනපතා සරසවියට පැමිණියේ ය. දෙහිවල සිට මොරටු සරසවිය වෙත පැමිණීමට එතරම් දුෂ්කරතාවයක්‌ නොමැති බැවින් ඔහු නේවාසික පහසුකම් ලබාගැනීමට උත්සාහ නොකළේ ය. ඉඳහිට සති අන්තයක්‌ මම ඔහුගේ නිවසේද ගත කළෙමි. එය සීතා සේනානායකගේ ඉමහත් පීS්‍රZතියට හේතු වූයේ ඇය තමන්ගේම පුතකු ලෙස මට සැලකූ හෙයිනි.

කාලය ගෙවී ගියේ අපටත් නොදැනීම ය. විශේෂ සිදුවීමක්‌ වූවානම් එය අම්මා ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගැනීම පමණකි. විශ්‍රාම ගැනීම සඳහා තවත් වසර කිහිපයක්‌ තිබුණද ඇයට අවශ්‍ය වූයේ විශ්‍රාම ලබා නිදහසේ නිවසට වී සිටීමට ය.

* * * * * * * * * * * * * * * * *

සරසවියෙහි දෙවන වසරට පා තැබීමත් සමගම ජ්‍යෙෂ්ඨ සිසුන් යෑයි විරුදාවලි ලත් අපි නවක සිසුන් හට නවක වදය දුන්නෙමු. මගේ පෝරිසාද ගතිගුණ මටත් නොදැනීම මෙහිදී ඉස්‌මතු වූ බව නොකියාම බැරි ය. නිවසින් පාසැලට සංක්‍රමණය වූ "පෝරිසාදයා" යන නාමය සරසවිය තුළ ද ප්‍රචලිත කළේ සරසවියෙහි ඉගෙනුම ලැබූ මගේ පාසැල් මිතුරන් විසිනි.

නවක සිසුන් හට නවක වදය දුන්නද සිසුවියන් හට අසභ්‍ය වදන් පැවසීම හා අසභ්‍ය නවක වද දීමෙන් වැලකී සිටීමට මා ප්‍රවේශම් වූයේ එවැනි නවක වද මා පිළිකුල් කළ හෙයිනි. එබැවින්දෝ පෝරිසාදයකු ලෙස හැඳින්වූවද සරසවි සිසුන් අතර මෙන්ම සිසුවියන් අතරද මා ජනප්‍රිය චරිතයක්‌ වී තිබුණි. නමුත් කිසිදු සිසුවියක සමග ප්‍රේම සබඳතාවයක්‌ ගොඩනගා ගැනීමට උනන්දුවක්‌ මා වෙත නොවීය.

"මොකද අනුරුද්ධ කල්පනා කරන්නෙ?" වල කැන්ටිමෙහි මේසයක්‌ මත හිඳගෙන වඩයක්‌ සපමින් සිටි අනුරුද්ධගෙන් මා විමසූවේ ඔහු බොහෝ වේලාවක්‌ කල්පනා කරමින් සිටිනු දුටු හෙයිනි.

"ඇත්තම කියනවා නම් මචං, ගෑනු ළමයෙක්‌ ගැන පොඩි හිතක්‌ පහළ වුණා."

"මොනවා?.... කව්ද? අළුත් නැවෙන්ද? මොනව කරන කෙනෙක්‌ද?" මම කලබල වීමි.

"මට වඩා කලබල වෙලා තියෙන්නෙ ප්‍රමෝද්නෙ...තව ටිකකින් එයා මේ පැත්තට එයි.... මම පෙන්නන්නම්."

වාස්‌තු විද්‍යා පාඨමාලාව හැදෑරීම සඳහා සරසවියට පිවිසි නවක සිසුවියන් කිහිප දෙනා අතර වූ තෙත්මිණි රූමත් යුවතියක්‌ වූවා ය. පැහැපත් සමක්‌, සිත් ඇදගන්නා සුළු දෙනෙතක්‌ හා දිගු වරලසක්‌ ඇය සතුවිය. දුටුවන් වසග කරගැනීමට සමත් සුන්දර සිනහවක්‌ සතු වූ ඇය කෙරෙහි සිසුන් කිහිප දෙනෙකුගේම අවධානය යොමු වී තිබූ බව මම දැන සිටියෙමි.

"කීප දෙනෙක්‌ම ඔය වසරක ට ට්‍රයි..අනුරුද්ධට ඉක්‌මන් කරන්න වෙයි.....අපායට ගියත් ඉස්‌සෙල්ලා යන්නලු."

"එහෙම අයගෙන් වැඩක්‌ නෑ."

"කොහොම අයගෙන්ද..."

"දැකපු ගමන් කොල්ලො එක්‌ක යාළු වෙන කෙල්ලන්ගෙන්."

"ආ.. මේ බලා ඉන්නෙ අර ශානිකා එක්‌ක වගේ... කතා කර කර ඉඳලා... ආශ්‍රය කරලා..ගැලපෙනවද බලලා ..අනේ මේ... පෙරහැර ගිහිං තියෙයි එතකොට...දන්නවනේ මේකෙ ඉන්න කට්‌ටියගේ හැටි."

"බලමුකෝ."

"අනුරුද්ධට ඉතිං මොකද? ... හැබැයි ඉතින් සටනට පිවිසුනොත් අනික්‌ අයට බිංදුව තමයි."

අනුරුද්ධ සිනාසුනා මිස කිසිවක්‌ පැවසුවේ නැත.

ඉන් සතියකට පමණ පසු අනුරුද්ධ මට පැවසුවේ නෙත්මිණි හට පාසැල් වියේ සිටම පෙම්වතෙකු සිටිනා බවයි. කෙසේ හෝ ඔහු එය සොයාගෙන තිබුණි.

"ඒකට කමක්‌ නෑ උත්සාහ කරලා බලමු..."

"මට මොකටද තව කෙනෙකුගේ කෙල්ලෙක්‌? වෙන කෙල්ලො නැතුවයෑ? ඇරත් ඒ වගේ සම්බන්ධයක්‌ කඩල දාන්න තරම් තිරිසනෙක්‌ නෙමේ. මම අනික. මෙච්චර කලක්‌ තිබුණ සම්බන්ධය කඩල දාල තව කෙනෙක්‌ එක්‌ක යාළු වෙනවා නම් එයාගෙන් වැඩක්‌ නෑ."

"ඔහොම යනකොට නාකි වෙනකම්ම හොයයි.."

"හරි. හරි... දැන් ප්‍රමෝද්ට මොකද වෙලා තියෙන්නෙ?"

"තාම බඹා කොටල නෑ"

* * * * * * * * * * * * * * * * *

සරසවියෙහි දෙවන වසර විභාගය ආසන්නයේදී සිසු අරගල හේතුවෙන් සියලුම සරසවි දින නියමයක්‌ නොමැතිව වසා දමන ලදී.

සරසවි යළිs විවෘත කරන දිනයක්‌ පිළිබඳව හැඟීමක්‌ නොමැති වූ හෙයින් විභාගය සඳහා සූදානම් වීමේ නිශ්චිත අරමුණක්‌ අප තුළ නොවීය. නිවසට පැමිණි මා කාලය ගත කළේa අලස කමිනි. ගමේ මිතුරන් මුණගැසීමේ රිසියෙන් ගම වටා ගියද බොහෝ දෙනා නිවෙස්‌වල නොවූයේ ඔවුන් විවිධ

රැකියාවල නිරත වන හෙයිනි.

දිනක්‌ කාමරයෙහි මේසය මතට වී අලසකමින් සටහනක්‌ පෙරලමින් සිටි මගේ නෙත් යොමුවූයේ වෙළ දිගේ පැමිණි අප වත්තෙහි පැත්තක පිහිටි කඩුල්ල පනින නිර්මලා වෙතටයි. පොත් ටික ලැමට තුරුළුකරගෙන ලැසි ගමනින් ඇය පැමිනෙන්නේ උසස්‌ පෙළ විභාගය සඳහා ප්‍රවීන් සමග එක්‌ව පාඩම් කිරීමටයි. එකම පාසැලෙහි ඉගෙනුම ලබන ඔවුන් උසස්‌ පෙළ සඳහා වාණිජ්‍ය අංශය තෝරාගෙන තිබුණි. තවත් මසකින් පමණ පවත්වන්නට යෙදෙන විභාගය සඳහා සූදානම් විම පිණිස පාසැලෙන් නිවාඩු ලැබී ඇති හෙයින් ඔවුන් දෙදෙනා අප නිවසෙහි එකතු වී පාඩම් කරති.

කුමක්‌දෝ හේතුවක්‌ නිසා උදෑසනම නිර්මලා වෙළ දිගේ අප නිවසට පා නගන අයුරු බලා සිටීමට මම ප්‍රිය කළෙමි. දිගු වරලසක්‌ හිමි වූ ඇය රූමත් යුවතියක්‌ ලෙස වැඩී සිටියාය. දින කිහිපයක්‌ ගතවත්ම ඇය නොදැක සිටීමට නොහැකි තත්ත්වයක්‌ මට උදාවුණ අතර මගේ හදවත බෙහෙවින් නොසන්සුන් වී තිබිණ. ඇතුල් හද සමග සටන් වැදී මම අවසානයේ සත්‍ය වටහා ගතිමි. මා නිර්මලාට ප්‍රේම කරන බව ප්‍රත්‍යක්‌ෂ කරගත් ක්‌ෂණිකයෙන් මම තිගැස්‌සී ගියෙමි.

ජීවිතයේ ප්‍රථම වරට මා යුවතියකට ප්‍රේම කිරීමට පෙළඹී ඇත. නෑනා මස්‌සිනා අතර විවාහ අතීතයේ සිටම ප්‍රචලිතය. ඇය මට කැමති උවහොත් අපගේ ආදරයට බාධා වැටකඩොළු නොමැති වන්නේ දෙපැත්තේම වැඩිහිටියන්හට එයට විරුද්ධ වීමට කිසිදු කාරණයක්‌ නොමැති හෙයිනි.

එහෙත් මා සිත තුළ වූයේ දෙගිඩියාවකි. ඇයට පෙම්වතෙක්‌ සිටීද යන සිතුවිල්ල මා හද පෙළු අතර ප්‍රවීන් ඇය අතර සම්බන්ධය කුමන අයුරෙහි එකක්‌දැයි යන්නද මා හද තුළ සැකයක්‌ ඇති වී තිබුණි. එසේ සැක කිරීමට හේතු සාධක කිහිපයක්‌ම විය. ඔවුන් කුඩා කල සිටම එකට හැදී වැඩී එකම පාසැලෙහි උගෙනුම ලැබූ අයයිs. නිර්මලා කුඩා කල සිටම මට වඩා බෙහෙවින් ප්‍රවීන්ට සමීප වූ බව මම දනිමි. එමෙන්ම අප නිවසෙහි පාඩම් කරන අතර තුර නිර්මලා සිදුකරන වැරදි හේතුවෙන් ප්‍රවීන් ඇයගේ කණ මිරිකනු කිහිප වරක්‌ම මා දැක ඇත.

සැකය දුරු කර ගත යුතු බව මගේ සිත කීය. එබැවින් ඒ සඳහා සුදුසු වේලාවක්‌ ලැබෙන තුරු මම කල් මැරුවෙමි.

"කොහොමද? දැන් විභාගෙට ලෑස්‌තිද?"

රාත්‍රියෙහි විවේකීව සිටින අවස්‌ථාවක්‌ බලා මා ප්‍රවීන්ගෙන් විමසුවේ විශේෂත්වයක්‌ නොහැගෙන පරිදි ය.

"පාඩම් කරගෙන යනවා... හොඳට කරගන්න පුළුවන් වෙයි."

"නිර්මලා වැඩට කොහොමද?"

"නිර්මලාට වැඩ පුළුවන්...ඒත් ඕනකමක්‌ නෑ"

"එහෙම නම් කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා ඇති."

මා පැවසුවේ ඔහුව මැනවින් නිරීක්‌ෂණය කරමිනි.

මතු සම්බන්ධයි