|
කලා ලොවට පායා එන අලුත් තරුවක් අද කවරය සරසන මධුෂා දිල්ෂානි පෙරේරා වන ඇය අවු. 23 ක සුන්දර යුවතියකි. ඇයගේ පදිංචිය කැළණියේ ය. පුංචි කාලේ සිට ම නර්ථනයට හා රංගනයට උපන්හපන්කම් දැක් වූ ඈ දැනට ටෙලි නාට්‍ය තුනක සහ වෙළඳ දැන්වීම් කිහිපයක් තුළින්ම ඇගේ රංගන කුසලතා පෙන්වා හමාර ය. ඇය ටික කලක් ඕස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිට දැන් නැවත ලංකාවට පැමිණ ඇත. විශේෂයෙන් ම ඇයගේ පැමිණීමට හේතු වූයේ, ඇයගේ මව වන මාධ්‍යවේදිනියක් වන දිල්රුක්‌ෂි දමයන්ති විසින් සංවිධානය කළ "ඇන්ජලීන් රොක්‌ස් විත් ද බොයිස්" ප්‍රසංගයේ නර්ථනය ඉදිරිපත් කිරීම සඳහා යි. නැවත එතැනින් පටන්ගත් ඇයගේ කලා ජීවිතයට, දැන් නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබී ඇත. ඇයගේ හැකියාව දැක ටෙනිසන් කුරේ මහතා ද මේ වනවිට ඔහුගේ අධ්‍යක්‌ෂණයක් වන "තැන්ක් යු බර්ටි" චිත්‍රපටයේ නිලන්ති ඩයස්‌ගේ යෙහෙළියක් ලෙස රඟපෑමට ඇය සම්බන්ධ කරගෙන ඇති බව යි අපට දැනගන්නට ලැබුණේ. ජනවාරි මාසයේ ඕස්‌ටේ්‍රලියාවේ නර්ථන ප්‍රසංගයකටද ඇය දායක වීමට බලාපොරොත්තුවෙන් සිටී. |
||||
|
||||