health.gif (441 bytes)

ගැබ්ගෙලෙහි පිළිසිඳ ගැනීමක්‌ විය හැකිද ?


අපි ගියවර ලිපියෙන් ගර්භාෂයේ පිටත ඇතිවන කළලයන් පිළිබදව කතා කරන්නට ගත්තා ඔබට මතක ඇති. මෙහිදී කළල ඇතිවන ඩිම්බකෝෂ මත, ඝ්‍රොaණිය මත, ගැබිගෙල මත සහ පැලෝපිය නාලය මත බව සඳහන් කළා.

මෙහි සුවිශේෂීම අවස්‌ථාව ලෙසයි ගැබ්ගෙලේ ඇතිවන කළල තත්ත්වය ප්‍රසව සහ නාරි රෝග විශේෂ වෛද්‍යවරුන් හඳුන්වන්නේ. මෙම ගැබ්ගෙල දරුවන් ඇතිවීම අපි සර්වයිකල් ප්‍රෙග්නසි ලෙස ලෙස හඳුන්වනවා.

මෙම තත්ත්වය ස්‌කෑන් පරීක්‌ෂණයකින් හරිහැටි සොයා ගන්න අමාරුයි ඒ පිළිබඳව හරිහැටි ඇහැ යොමුකලේ නැත්නම්.

මෙවන් කාන්තාවකට ඇතිවිය හැකි රෝග ලක්‌ෂණ කිහිපයක්‌ අපට පැහැදිලිව පෙන්වා දෙන්න පුළුවනි. එකක්‌ තමයි ගර්භනි තත්වයට පත්වුනාට පස්‌සේ නිතර නිතර ගුද මාර්ගය ඔස්‌සේ රුධිරය පහවීමට ගැනීම. දෙවැන්න යටි බඩේ ඇතිවන අධික වේදනාව. තෙවැන්න මෙම මව ස්‌කෑන් පරික්‌ෂණයකට භාජනය වු විට එම කළලය වර්ධනය නොවි තිබීම.

මෙතනදී තිබෙන අධික අවදානම තමයි ගැබ්ගෙලේ අධික ලේ සැපයිම වැඩිවෙලා ගබ්සාවක්‌ ස්‌වාභාවිකව යම්හෙයකින් වුනොත් අධික ලේවහනයක්‌ ඇති වෙන්නට තිබෙන සම්භාවිතාව ඉහළයි. කළාතුරකින් එම දරුගැබ සම්පුර්ණ කාලය ගැබිගෙල තුල ගත කරන්නත් පුළුවනි. මේවගේ වෙලාවට ගර්භාෂයේ ඉතිරි කොටස ස්‌කෑන් පරීක්‌ෂණවලින් සොයා ගන්නට නොහැකි තත්ත්වයක්‌ අපට වුනත් ඇති වෙනවා.

මෙවන් වෙලාවක මෙය ගැබිගෙලේ තිබෙන ගර්භනි තත්වයක්‌ ලෙස හඳුනා ගන්නේ නැතුව වැරදි විදිහට ගර්භාෂයේ තිබෙන කළලයක්‌ යෑයි සිතා සාමාන්‍ය විදිහට වෛද්‍යප්‍රතිකාර කළොත් සමහර වෙලාවට කාන්තාවගේ ජීවිතයට පවා අනතුරක්‌ ඇති වෙන්න පුළුවනි. මෙතනදි තිබෙන විශේෂිතම ප්‍රශ්ණය වෙන්නේ අධික ලේ වහනයක්‌ ඇතිවිම. මෙහි මුලික පරික්‌ෂාව වන්නේ මවක්‌ දරුවකු පිළිසිඳ ගැනීමෙන් පස්‌සෙ කරන ඒකියන්නේ සුමාන 8 ක්‌ සහ 12 ත් අතර කරන ස්‌කෑන් පරික්‌ෂාවයි. මෙම ස්‌කෑන් පරික්‌ෂණය හරහා ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන් මෙවන් ගර්භනි තත්ත්වයන් සොයාගෙන ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර සඳහා යොමුවෙනවා.

ලංකාව තුලත් ඉතාම දියුණු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම ප්‍රසව සහ නාරිවේදය සඳහා යොදා ගන්නා නිසා අධික අවදානමක්‌ ඇති ගර්භනි තත්ත්වයන් අවදානම් තත්ත්වයෙන් තොරව සොයා ගන්නත්, වැඩි වැඩියෙන් අනාවරනය කර ගන්නත් හේතුවිම නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ගර්භනි තත්ත්වය නිසා ඇතිවිය හැකි ජීවිත අවධානම ඉවත්කර ජීවිතය ආරක්‌ෂා කර දෙන්න අද වෛද්‍යවරු සමත්වෙලා ඉන්නවා. මෙවන් ගැබිගෙල කළලයන් ඇතිවිමේ සම්භාවිතාව ගත්තොත් ඉතාම කලාතුරකින් ඇතිවිය හැකි හතලිස්‌ දාහකට එකක්‌ වැනි තත්ත්වයක්‌.

අපි හිතමු පළමු පිළිසිද ගැනිමේදී මෙවන් දරු ගැබක්‌ මවට ඇතිවෙලා වෛද්‍යවරුන් විසින් එම තත්ත්වය අනාවරණය කරගෙන මවගේ ජීවිතය බේරා ගත්තා කියලා එවන් අවස්‌ථාවක්‌ මව කාලයකට පසුව දෙවන වරටත් පිළිසිද ගැනීමක්‌ ඇති කරගන්නට අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ. දෙවන දරු පිළිසිද ගැනීමත් කලින්වරට සමාන වේයෑයි, අපට කිසිවිටකත් කියන්නට බැහැ. එම නිසා මා අවදාරනයෙන් කියා සිටින්නේ ගැබ්ගෙල කළල ඇතිවීම අද වෛද්‍ය විද්‍යාව ලබා ඇති දියුණුවත් සමඟ කලින් අනාවරණය කරගනිමින් නිසි ප්‍රතිකාර කළ හැකි අවදානම්භාවයෙන් ඉවත් කරගත හැකි ගර්භනි තත්ත්වයක්‌ කියලයි. ඉහත සඳහන් රෝග ලක්‌ෂණ ගර්භනි භාවය තුලදී ඉස්‌මතුවේ නම් වෛද්‍යවරයෙක්‌ කරා යොමුවිම ඉතා වැදගත්බව මතක තබා ගන්න.

ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ