මට පෙම්වතියක් ඉන්නවා
රුක්‌මන් අසිත
සුපර්
ස්‌ටාර්ස් සීසන් 3 වලින් ඉවත් වූ
මොහොත හදවතට දැනුණේ කොහොමද?
පොඩි දුකක් නම් ආවා. දරාගන්න හිතේ හයියකුත් තිබුණා. අඬලා තේරුමක් නැති බව
තේරුම් අරගෙනයි හිsටියේ. විනිශ්චය මණ්‌ඩලය ඇඩුවා. ප්‍රේක්‌ෂකයෝත් ඇඬුවා. බොහොම
සංවේදී අවස්‌ථාවක් වුණා.
ගෙදර අය මොනවද කිව්වේ.
කාටත් හිතාගන්න බැරිවයි හිටියේ.
අම්මා , අයියා, අක්‌කා, නංගී, ලොකු නැන්දා අසල් වැසියන් සියලු දෙනාම දුක්
වුණා.
මේ ගමනට වැඩියෙන්ම උදව් කළේ කවුද කියලා ඇහුවොත්
වැඩියෙන්ම නම් ගෙදර අය. මගේ යහළුවන්. ගමේ අය, ලංකාවේ සියලු දෙනාම පුළුවන්
විදිහට උදව් කළා. සමහර මගේ බැඳපු යහළුවන්ට ගෙවල් වලින් පවා ප්‍රශ්න ඇතිවුණා. මට
උදව් කරන්න ගිහිල්ලා. මම දිනලා එනකොට වගේම සමුගෙන ආපු දවසේත් ගමේ හැමෝම මාව
ආදරයෙන් පිළිඅරගෙන උත්සවයක් සංවිධානය කරලා තිබුණා. මම එතනදී ගීත 02 ක් ගායනා
කළා. උදව් කළ සියලු දෙනාටම ස්‌තුතිය පුද කළා.
මට ඕන වුණේ සමුගැනීම සුන්දරව අවසන් කරන්න.
රුක්‌මන් සංගීතය හදාරා තිබෙනවාද?
නැහැ.
මෙහෙම දෙයක් නම් වෙලා තියෙනවා. මගේ ඉස්‌කෝලේ හැමදාම උදේ රැස්‌වීමේදී අයියා
කෙනෙක් ගීතයක් ගායනා කරනවා. එක දවසක් ඔහු ඇවිත් හිටියේ නැහැ. මගේ යහළුවෝ මාව
එතනට තල්ලු කළා. මම එදා ගීතයක් ගායනා කළා. ඒකට ඉහළ ප්‍රතිචාර ලැබුණා. මම ගෙදර
ඇවිල්ලා මගේ අයියා රන්ජන් සාලිය ඔහු ගායකයෙක් නිසා ඔහුට මේ බව කිව්වා. ඔහු
කිව්වා නැවත ගායනා කරලා පෙන්නන්න කියලා. එතනදී මගේ අයියා තමයි මට ගායන හැකියාව
තියෙන බව හරියටම තේරුම් ගත්තේ. සුපර් ස්‌ටාර් සීසන් 02 වලත් 48 දක්‌වා ඇවිත්
Sඵී අඩු වෙලා මාව හැලුණා.
මේ දවස්‌වල සංගීතය ඉගෙන ගනිමින් ඉන්නවා.
සුපර් ස්‌ටාර් තරගය රුක්‌මන්ගේ ජීවිතය වෙනස් කළාද?
ලොකු වෙනසක් ඇතිවුණා. විශේෂයෙන්ම ජනප්‍රියත්වය අපට ලැබුණා. එදා කවුරුත් දැනගෙන
හිටියේ නැති අපිව අද ඕනෑම තැනකදී හඳුනා ගන්න තත්ත්වයට ඇවිත්.
මේක විශේෂ සිද්ධියක්. මට පොඩි ළමයින්ගෙන් විශේෂ ප්‍රතිචාර ලැබෙනවා. මම අවුට්
වෙච්ච දවසේ වත්තල හිරුණි කියලා දුවෙක් මට කතා කළා. එයා ගොඩක් දුකෙන් කතා කළේ.
මම ඉවත්වීම ගැන. පස්‌සේ දවසේ මට එයාගේ දෙමාපියන්ගෙන් දැනගන්න ලැබුණා. එයාට
හොඳටම උණ හැදුණා කියලා. මම එයාව බලන්නත් ගියා. මේ පුංචි දරුවන්ගේ ආදරය ලැබුණේ
සුපර් ස්‌ටාර් නිසා.
පෙම්වතියක් ඉන්නවාද?
ඔව්. එහෙම කෙනෙක් ඉන්නවා.
එයා උසස් අධ්‍යාපනය හදාරනවා. මාව හොදින් තේරුම් අරන් මගේ වැඩකටයුතුවලට ගොඩක්
උදව් කරනවා.
මොනවද රුක්‌මන්ගේ අනාගත බලාපොරොත්තු
රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මගේ අයියගේ සහයෝගයත් ඇතිව
සංගීතය පිළිබඳව ඉගෙනගන්නත් හොද නිර්මාණ තුළින් රසික ජනතාව හමුවෙන්නත්
බලාපොරොත්තු වෙනවා.
නො(- C රැ 1 රැ 2 , නවලෝක තට්‌ටු නිවාස
ශ්‍රීමත් ඡේම්ස් පීරිස් මාවත, කොළඹ 02.
පින්තූර - සුජාතා ජයරත්න
හරින්දි ලියනගේ |