පසුගිය දවස්‌වල පොඩ්ඩක් අසනීපයෙන්
හිටියා
- කසුන් චාමිකර

කොහොමද කසුන්...
හොදයි. පසුගිය දවස්‌වල පොඩ්ඩක් විතර අසනීපයෙන් හිටියා. දැන් ටිකක් හොඳයි. උදේ
අපට ජනකලා කේන්ද්‍රයේ වැඩමුළුවක් තිබුණා. ඒකට සහභාගි වුණා. සතුටින් කාලය
ගතවෙලා යනවා.
තරගය ගැන මොනවද හිතෙන්නේ..
ගොඩක්‌ම තරගකාරි බවක් දැනෙනවා. එන්න එන්නම ඒ තත්ත්වය ඉහළ යනවා. මම සුපර්
ස්‌ටාර්ස් සීසන් ෂෂ වලටත් ආවා. අවසන් 24 දක්‌වා ඇවිල්ලා Sඵී වලින් ඉවත් වුණා.
මේ සීසන් ෂෂෂ වලත් මම අවසන් 24 න් ඉවත් වුණා. වයිල්කාඩ් වටයෙන් තමයි මාව නැවතත්
තරඟයට ආවේ. ඒ අවස්‌ථාව මට ලැබුණේ ලොකු වාසනාවක් නිසයි. මගේ ලොකුම බලාපොරොත්තුව
තවත් ගොඩක් දුර යන්නයි.
සුපර් ස්‌ටාර් තරඟයට කසුන් එකතුවීමෙන් ලැබූ අත්දැකීම් මොනවද?
ගොඩක් අත්දැකීම් මම ලැබුවා. ජීවිතය පැත්තෙන් සහ සංගීතය පැත්තෙන්. මම දැනට
සුපර් ස්‌ටාර් තරගය නිසා වැඩමුළු 03 කට එකතුවෙලා තියෙනවා. සීසන් ෂෂ වලදි
වැඩමුළු දෙකකට මම එකතු වුණා. සීසන් ෂෂෂ වලදිත් අද තිබුණ වැඩමුළුව එකතු වුණා. ඒ
හරහා ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ගීත ගායනය, තනුව - සංගීතය, ඉදිරිපත් කිරීම,
වේදිකාව භාවිතය වගේ දේවල් ගැන. ඒ විතරක් නෙමෙයි ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන
ගත්තා. කොටින්ම කිව්වොත් සුපර් ස්‌ටාර්ස් නිසා අපේ ජීවිතය වෙනස් වුණා කියලා
කියන්න පුළුවනි.
කසුන්ගේ ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
සුපර් ස්‌ටාර්ස් තරගය කිව්ව ගමන් මට මතක් වෙන්නේ මගේ ගෙදර. අම්මා, තාත්තා,
අයියා, අක්‌කා හැම දෙනාම මට උදව් කරනවා. විශේෂයෙන් මගේ අයියා තමයි මගේ සුපර්
ස්‌ටාර් බර කරට අරගෙන වැඩ කරන්නේ. විශේෂයෙන්ම ගීත තෝරා ගන්න. ප්‍රචාරක
කටයුතුවලටත් මගේ අයියා ගොඩක් උනන්දු වෙනවා. අපේ ගෙදර හැමදෙනාටම හොඳට සින්දු
කියන්න පුළුවනි. ඒ අතරින් අයියාත් අක්‌කත් හොඳින් ගීත ගායනා කරනවා.
අක්‌කා නුවරඑළියේ බෑන්ඩ් එකක ගීත ගායනා කරන්න යනකොට මම තමයි එයාව පුහුණු
වීම්වලට එක්‌කගෙන ගියේ. එතන ඉඳලා තමයි මටත් ගායකයෙක් වෙන්න ඕන වුනේ.
සුපර්ස්‌ටාර්ස් වලට එන්න කලින් කසුන් මොනවද කළේ
සංගීතයම තමයි. මම මීට කලින් නුවරඑළියේ සංචාරක හෝටලයක විදේශිකයන් වෙනුවෙන් ගීත
ගායනා කළා.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳයි. පාරේ බස් එකේ යනකොට පවා අපට කැමති සහ ආදරේ කරන ඕනෑතරම් ජනතාව
හමුවෙනවා.
නුවරඑළියේ ජනතාව, කන්ද උඩරට ජනතාව, වගේම අනෙකුත් සෑම පලාතකම ජනතාව මට Sඵී කළා.
ඒ සියලු දෙනාටම මම හදවතින්ම ස්‌තුතිවන්ත වෙනවා. සිරස ආයතනයට, සුපර් ස්‌ටාර්
ටීම් එකට වගේම විනිශ්චය මණ්‌ඩලයටත් මම මේක ස්‌තුති කරන්න අවස්‌ථාවක් කර
ගන්නවා.
සුපර් ස්‌ටාර් වලින් පස්‌සේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
දැනට ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ සුපර් ස්‌ටාර් ගැන. ඊට පස්‌සේ ගායන
ක්‍ෂේත්‍රයේ රැදිලා ඉන්න. දේශිය සංගීතය රැක ගනිමින් නව නිර්මාණ බිහි කරන්න.
නො. 57, මහින්ද මාවත,
හායාඑළිය, නුවරඑළිය
|