තෙල් සාත්තුව හිසකෙස් නිරෝගී කරයි
 |
 |
කුලියාපිටිය "මෙහෙලිය රූ" රූපලාවන්‍යාගාරය
කුලියාපිටිය, ඇපලදෙණියේ ඇති "මෙහෙලිය රූ" නමින් පවත්වාගෙන යන රූපලාවන්‍යාගාරයේ
හිමිකාරිය වන්නේ රූපලාවන්‍ය ශිල්පිනී චමින්දා සුදර්ශනී මහත්මියයි.
වසර දහයකට ආසන්න කාලයක් තුළ කුලියාපිටියේ රූපලාවන්‍ය කටයුතු කරගෙන යන ඇයගේ
උපන් ගම වන්නේ මාතලේ දිස්‌ත්‍රික්‌කයයි.
මම ඉපදුනේ මාතලේ.. පාසල් ගියේ මාතලේ සංඝමිත්තා බාලිකාවටයි. මම අධ්‍යාපනය ලැබුවේ
කලා විෂයන්ගෙන්. නැටුම් ගුරුවරියක් ලෙසට පත්වීම් ලබා තිබියදීත්, විවාහය නිසා
ගුරු පත්වීම බාර ගත්තේ නැහැ. ඒ නිසා තමයි රූපලාවන්‍ය පැත්තට යොමු වුණේ...
චමින්දා පවසන්නේ එහෙමයි.
රූපලාවන්‍ය ඉගෙනීම ආරම්භ කළේ කොහොමද?
ගුරු පත්වීම බාර නොගෙන, නිවසේ කාලය ගෙවීමේදී තමයි මට රූපලාවන්‍ය පාඨමාලාවක්
හදාරන්න කැමැත්ත ඇති වුණේ. ඒ අනුව මම පොත්, පත්තර, සඟරාවල තිබෙන රූපලාවන්‍ය
සම්බන්ධ ලිපි හොඳින් අධ්‍යයනය කළා. ඒවා අත්හදා බැලීම් කළා. රූපවාහිනියේ
රූපලාවන්‍යයට සම්බන්ධ වැඩසටහන් නොවරදවාම නැරඹුවා. ඉන් පස්‌සේ තමයි "රූපලාවන්‍ය
උසස් ඩිප්ලෝමාවක්" සඳහා යොමු වුණේ.
රූපලාවන්‍ය සම්බන්ධයෙන් හදාරා ඇති ඉහළම විභාගය.
ඩිප්ලෝමා පාඨමාලා බොහොමයක් කර තිබෙනවා. මේ දිනවල භඪූ ෂඪ සඳහා සූදානම් වෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවන්, යුවතියන් රූපලාවන්‍යයට යොමු වීම කොහොමද?
ජනාකීර්ණ ප්‍රදේශවල තරමටම කුලියාපිටිය පැත්තේ යුවතියන්, කාන්තාවන් ඒ තරම්ම
රූපලාවන්‍යයට යොමු වීමක් නැහැ. රූපලාවන්‍යාගාරයකට එන අයකු මාර්ගයෙන් තමයි තවත්
අයෙක් රූපලාවන්‍යාගාරයකට එන්නේ. එහෙම නැතිව රූපලාවන්‍ය ගැටලූ තිබුණත්,
රූපලාවන්‍යාගාරයක් සොයාගෙන එන පිරිස අඩුයි.
ඔබේ රූපලාවන්‍යාගාරය තුළ කෙරෙන කටයුතු මොනවාද?
සම සුරැකුම, හිසකෙස් සුරැකුම ඇතුළු සියලුම රූපලාවන්‍ය කටයුතු කරනවා. මනාලියන්
හැඩගැන්වීම, මල් කළඹ සෑදීම, කේක් ස්‌ට්‍රක්‌චර්ස් ඇතුළු සියලුම කටයුතු කරනවා.
මගේ අතින් නිම වෙන්නේ නැත්තේ මංගල පෝරු නිර්මාණය විතරයි.
හිසකෙස් රැක ගැනීම සඳහා උපදෙසක්
දෙනවා නම්,
සබන් භාවිතයෙන් ඉවත් වී ශැම්පු සහ කන්ඩිෂනර් භාවිතයට ගන්න කියා කියනවා. සබන්
භාවිතයෙන් හිසකෙස් වියළී යනවා. තෙල් ගතිය ඉවත් වෙනවා.
ඒ වගේම හිසට තෙල් සාත්තුවක් කිරීමත් අවශ්‍ය දෙයක්.
ඔබට සහයෝගය දක්‌වන අය,
විශේෂයෙන්ම මගේ ස්‌වාමි පුරුෂයා මට විශාල සහයෝගයක් ලබා දෙනවා. දුව වගේම පුතාත්
මගේ කටයුතුවලට දක්‌වන්නේ විශාල සහයෝගයක්.
|
|