|
සොඳුරු පරිසරයක් තුළින් නිරූපිකාවන්ට
මග පෙන්වන අපූරු කාන්තාවක්


රොසෑන් ඩයස්. ඔබ හොඳින්ම හඳුනන තැනැත්තියක්. 2005 වර්ෂයේදී ශ්‍රි ලංකාව
නියෝජනය කරමින් ලෝක රූ රැජින තරඟාවලියට සහභාගි වූ ඇය නිරූපන ක්‌ෂේත්‍රයේ වසර 12
ක අත්දැකීම් ඇති නිරූපිකාවක්. පසුගිය දිනෙක රොසෑන් හමුවීමට අපි ඇයගේ පුහුණු
පාසල වෙතට ගියා. රාජගිරිය, බුත්ගමුව පාරේ පිහිටා ඇති ඇයගේ පාසල් භූමියට ඇතුළු
වූ පමණින්ම කෙනෙකුගේ සිත පිනා යයි. හාත්පසින් ඇසෙන්නේ කුරුල්ලන්ගේ නාදයයි. නම
දන්නා, නොදන්නා සියලු කුරුල්ලෝ එකවර නාද කරති. තවත් තැනක තාරාවන්ය. එළු රැළ
නිහඬව බලා සිටින්නේ පැමිණියවුන් හඳුනාගන්නට මෙනි.
තාප්පයෙන් එහා කලබලකාරී පරිසරයේ සිටින්නෙකුට නම් ඉන් එපිට ඇත්තේ මෙතරම් සිත
නිවන පරිසරයකැයි කිසිසේත්ම හිතාගන්නට නොහැක. තැනින් තැන ඉඳිවූ ජල තටාක, මුළු
පරිසරයම සෙවන කරන තුරුලතා... සිතට ලබා දුන් සැනසිල්ල මෙතෙකැයි කියන්නට නොහැකි
තරම් ය. ඒ සැනසිල්ලෙන්ම අපි රොසෑන් සමඟ කතා බහ ඇරඹුවෙමු.

රොසෑන්, මොකක්‌ද මේ සෙඩ් ඉමේජස් කියන්නේ...?
මේ මගේ පාසලේ නම. ගොඩාක් අය අහනවා ZSAID කියන එකේ තේරුම මොකක්‌ද කියලා. මම ඒ
නම හදාගත්තේ මගේ DIASZ කියන නම අනෙක් පැත්තට හරවලා.

අවුරුදු ගණනාවක් මගේ හිතේ තිබුණ සිහිනයක් මේ. මට ඕන වුණේ නෑ කොහේ හරි ශාලාවක
ළමයි ටිකක් දාගෙන පීඩනයෙන් වැඩ කරන්න. මට ඕන වුණේ මගේ ම වගේ තැනක්. එතනදි
තමයි මගේ යාළුවා දර්ශි මා එක්‌ක එකතු වුණේ. මේ ලස්‌සන පරිසරය එයාගේ.
මොනවද ඔබේ පාසලේ පැවැත්වෙන පාඨමාලා...?
ප්‍රධාන වශයෙන් පාඨමාලා දෙකක් අපි පවත්වනවා. එකක් පෞරුෂ වර්ධනය. අනෙක
නිරූපිකාවන් පුහුණු කිරීම. අපි දන්නවා බොහෝ දෙනෙකුට මොඩ්ල් කෙනෙක් වෙන්න
වුවමනා නෑ. එයාලට ඕනේ තමන්ගේ පෞරුෂත්වය දියුණු කරගන්න. පිරිසක් ඉදිරියේ කතා
කරන්න, ආහාර ගැනීමේ සිරිත් විරිත්, ව්‍යාපාර හා සමාජ සදාචාර, ගැලපෙන විලාසිතා,
ශරීරය පවත්වාගෙන යාම වැනි එදිනෙදා අවශ්‍ය වෙන දේ එතැනදී පුරුදු කරන්නේ.
නිරූපන ක්‌ෂේත්‍රයේදී අපි එයට වඩා වෙනස් දේවල් ලබාදෙන්නේ. ඇවිදින විදිය,
රූපලාවන්‍ය, වෙළෙඳ දැන්වීමකට, ඡායාරූපයකට පෙනී සිටීම ආදී විවිධ දේ එතනදී
ඉගැන්වෙනවා. මෙහි තවත් කොටසක් විදියට රූ රැජිනක් වෙන්න අවශ්‍ය දේවල් පුහුණු
කරනවා. මොඩ්ල් කෙනෙක් හා බියුටි ක්‌වීන් කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ
නිසා මිස් ශ්‍රී ලංකා වගේ තරඟවලට යන්න කැමති අයට වෙනමම පුහුණුවක් ලබාදෙන
පාඨමාලාවකුත් පැවැත්වෙනවා.
වෙනත් මොඩ්ලිං ස්‌කූල් සමඟ බලද්දී ඔබේ පාසලේ තිබෙන වෙනස කුමක්‌ද?
මේක පැයකට දෙකකට සීමා වෙච්ච පාසලක් නෙමෙයි. දේශන වගේම ප්‍රායෝගික
ක්‍රියාකාරකමුත් මෙතනදී පැවැත්වෙනවා. ඒ වගේම අනෙකුත් අවශ්‍ය හැමදේම එකම වහලක්
යටින් ලබා ගැනීමේ පහසුකම තිබෙනවා. ඒ අපට ජිම් එකක්, ස්‌පා එකක්, සැලෝන්
එකක්, තියන නිසා. අපි කෙනෙකුව බාරගන්නේ පුහුණු කාලය අවසානයේ යම් තත්ත්වයකට
ගෙනෙනවා කියන අරමුනින්. ඒ අරමුණට ඉහත කී දේවල් අවශ්‍ය වෙනවා. ඕන කෙනෙකුට අවශ්‍ය
ඕනම විටෙක ඒaවායේ සේවාව ලබාගන්න පුළුවන්. මට නිරූපන ක්‌ෂේත්‍රයේ හොඳ අත්දැකීම්
තියෙනවා. අලූතින් එන අයටත් ඒ දේවල් ලබා දීමයි මගේ අරමුණ. ඒ වගේම නිරූපන
ක්‌ෂෙත්‍රයට හොඳ මොඩ්ල්ස්‌ලා ලබාදීමත් මගේ අරමුණක්.
ඔබ ලෝක රූ රැජින තරගය නියෝජනය කළා. ලංකාවෙන් රූ රැජිනක් බිහි කරන්න
බලාපොරොත්තුවක් නැද්ද?
මම මිස් ශ්‍රි ලංකා වෙලා මිස් යුනිවර්ස් තරගයටත් ගියා. මගේ ලොකු
බලාපොරොත්තුවක් තියෙනවා මිස් යුනිවර්ස් තරගාවලියේ අවසන් පස් දෙනා අතරට
ලංකාවේ කෙනෙක් ගෙන යාමට. ඒකට හුඟාක් පුහුණුවීම් කරන්න ඕන. ඉන්දියාව වගේ රටවල්
මේ සඳහා පුහුණු කරන්නේ ඉතාම පුංචිම කාලේ. නමුත් අපේ රටේ එහෙම කරන්න පුළුවන්
ආර්ථික හෝ සමාජීය පහසුකම් නෑ. ඒ හින්දා ඒ තරම්ම ඉලක්‌කයක් තියාගන්න මට අවශ්‍ය
නෑ. නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කළාට පස්‌සේ ආසාවක් තියන කෙනෙක්‌ව මේ පැත්තට
යොමු කරනවා නම් මට හොඳ තැනකට ගන්න පුළුවන්. පාසල් වයසේ අයට නම් මම අනුබලයක්
දෙන්නේ නෑ. මොකද එයින් ඔවුන් ඉගෙනීම අතපසු කරගන්නවා.
සුන්දර, සිත නිවන පරිසරයක් තෝරා ගැනීමේ රහසක් තියෙනවාද?
ඇත්තටම මේ වගේ පරිසරයකට මම ආසයි. අනෙක් අතට නිරූපිකාවන්a විදියට අපි පරිසරයත්
එක්‌ක බොහොම ළඟින් ඇසුරු කරන්න ඕන. පරිසරයට ලං වුනාම මනසට ලැබෙන්නේ ලොකු
සැහැල්ලුවක්. මෙතනට කෙනෙක් එන්නේ මනසේ සැහැල්ලුව බලාපොරොත්තුවෙන්. ඒ දේ
ලබාදීමට මේ පරිසරය සමත් වෙනවා. මොඩ්ලින් කියන්නේ සිතට ලොකු පීඩනයක් ලබාදෙන
ක්‌ෂේත්‍රයක්. ඒ පීඩනය නැති කරගැනීමට උදව්වක් ලෙස තමයි මේ වටපිටාව ගොඩ නැගිලා
තියෙන්නේ. ඇත්තටම වරක් මෙහෙ ආව කෙනෙක් ආයෙත් එන්නේ කවදද කියලා තමයි හිතන්නේ..
එකම ක්‌ෂේත්‍රයේ ඉන්න නිරූපිකාවන් අතර වුනත් ගැටීම් තියෙනවා නේද?
මගේ ස්‌කූල් එකේ ඉන්න ළමයින්ව මං එක පවුලක් වගේ සම්බන්ධ කරලා තියෙන්නේ.
ක්‌ෂේත්‍රයේ ඉදිරියටම යන්න නම් මේ අය එකතු වෙන්න ඕන. අලුත් අය විතරක් නෙමෙයි
පරණ අයත් තවමත් අපි එක්‌ක සම්බන්ධකම් පවත්වනවා. ඒකෙන් තමයි ක්‌ෂේත්‍රයේ
පැවැත්මක් තියෙන්නේ. අනෙක මගේ ළඟ ඉන්න අය වැඩ කරන්න ඕන මා එක්‌ක විතරයි කියලා
මං කොටු කරගෙන නෑ. ලංකාවේ ඉන්න ඕනම කෙනෙක් එක්‌ක එයාලට වැඩ කරන්න මං ඉඩදීලා
තියෙන්නේ. මමත් මොඩ්ල් කෙනෙක් වුනේ බොහොම අමාරුවෙන්. ඒ නිසා එයාලගේ පැවැත්ම
හරි විදිහට හදාගන්න මං මඟ පෙන්වනවා.
ඔබේ පාසලට ඇතුළුවීමේදී වයස, ස්‌ත්‍රී පුරුෂ භේදයක් බලපානවාද?
කොහෙත්ම නෑ. අපි සමාජය සමඟ ගැටෙන එක මරණය තෙක්‌ම සිදුවෙනවා. ඒ නිසා පෞරුෂ
වර්ධනයට වයස් සීමාවක්‌වත්, ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌වත් නෑ. නමුත් මං මුලින්
කිව්වා වගේ නිරූපිකාවක් විදිහට පුහුණුවෙන්න නම් මං පොඩි අයව ගන්නේ නෑ. ඇත්තටම
පිරිමි ළමයින්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඔවුන්ට ක්‌ෂේත්‍රයේ අවස්‌ථා අඩුයි.
තරඟකාරීත්වය වැඩියි. ඒ හින්දා හොඳ පුහුණුවක් ඇතිව ක්‌ෂේත්‍රයට යන්න ඔවුන්
කැමතියි.
නිරූපන ක්‌ෂේත්‍රයේදී අකමැති විලාසිතාවන්ට හෝ නිරූපනයන්ට මුහුණ දෙන්න
සිදුවෙනවාද?
නෑ. මං අවුරුදු 12 ක් මොඩ්ල් කෙනෙක් විදිහට හිටියා. මං අකමැති දෙයක් කවදාවත්
මේක අඳින්නම ඕනේ කියලා කවුරුත් බල කළේ නෑ. ඒ හින්දා තමන්ගේ ප්‍රතිපත්ති තියාගෙන
මේ ක්‌ෂේත්‍රයේ රැඳෙන්න කාටවත් බාධාවක් නෑ.
ඉස්‌සර හිටිය රොසෑන් නෙමෙයිද මේ ඉන්නේ?
නෑ. ටිකක් වෙනස් වෙලා. ඉස්‌සර මං මොකක්‌ද අලුත් පැෂන් එක.
හෑන්ඩ් බෑග් මොනවද අලුත් සපත්තු ඇවිල්ලද හැම තිස්‌සෙම ඒ ගැන හිතුවා. ඒත් දැන්
මට දුවෙක් ඉන්නවා. මම නිතරම මුල් තැන දෙන්නේ බබාට. අපි ෂොපිං ගියත් බබාට
ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු අරගෙන ඉවරවෙලා තමයි මට අවශ්‍ය දේවල් ගැන හිතන්නේ. ඒ
වෙනස දැන් මං අම්මා කෙනෙක් නිසා.
චාමරි බණ්‌ඩාර
ඡායාරූප - නිහාල් චJද්‍රකුමාර
රූපලාවන්‍යාගාරය තුළ
|
|