edito.gif (1521 bytes)
sWm`shQw up`lQ pRvw~pw~ sm`gm,
223, b|lRm#n~dl~ p`r, @k`LB 13.
 
අවධානය, සැලකිල්ල සහ ලෙන්ගතුකම
අඩු වූ තැන සිදු වන්නේ වරදක්‌ම ය


පිළිස්‌සීම් සහ පහරදීම් මගින් සිදු වූ මරණ බොහොමයක්‌ පිළිබඳ පසුගිය සතියේදී අසන්නට ලැබුණේ හද කම්පා කරමිනි. ඒ අතුරින් විශේෂය වූයේ එක නිවසක සාමාජිකයන් කිහිප දෙනෙකු ඉතාම අවාසනාවන්ත ලෙසින් මරණයට පත්වීමයි.

වැඩිහිටියන් අතර දරු දැරියන්ද විය. ඔවුන්ට ජීවිතයට මුහුණ දීමට තව බොහෝ කල් තිබියදී, ජීවිතයෙන් සමුගන්නට සිදු වූයේ කුමන පාප කර්මයකට වන්දි ගෙවන්නට වූ නිසා දැයි ඔබට මෙන්ම මට ද ප්‍රශ්නයක්‌ම වනු ඇත.

පාසල් අධ්‍යාපනය ලබන වයසේ පසු වූ දරු දැරියන් ගින්නට පිළිස්‌සී මරණයට පත්වුව ද, ඔවුන් කිසිදු රෝගයකින් පීඩා විඳි දරු දැරියන් නොවේ. නීරෝගි, රටට වැඩදායී පුද්ගලයන් ලෙසින් සමාජය ඉදිරියට යන්න සිටින ළමා පරපුර මෙලෙස ෙ€දනීය ලෙසින් මරණයට පත්වීම කෙසේ නම් අනුමත කරන්නද?

මෙම පවුල්වල සිදු වූ සිදුවීම් තවමත් හරි හැටි අනාවරණය වී නොමැත. නිවැරදි කරුණු කාරණා දන්නෝ මරණයට පත් වූ ඔවුන්ම වන්නට පුළුවන.

පවුලක එකමුතුවක්‌, පවුලක සමගියක්‌ තුළින් ගොඩනැඟෙන සාමකාමී පරිසරය දරුවන්ට නිදහසේ ජීවත්වීම පිණිසම වනු ඇත. දරුවන්ගේ අහිංසක ලෝකයේ මල් සිනා නැඟෙන්නට පවුලක සමගිය ඉතාම අවශ්‍ය බව මවු-පියන් වන අප අමතක නොකළ යුතුය.

ශ්‍රී ලාංකික මවු-පියන් කවදත් දරුවන් වෙනුවෙන් මුල් තැන දී කටයුතු කරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් තම දරුවන්ගේ සුබ සිහින සඳහා තම ජීවිතය ගැන නොසිතා කටයුතු කරන බව තවදුරටත් කිව යුතු නැත.

අවධානය, සැලකිල්ල සහ ලෙන්ගතුකම අඩු වූ තැන සිදුවන්නේ වරදක්‌ම ය. සැබැවින්ම එය දුකක්‌ ම බව අමතක නොකළ යුතුය.