නටන්න, ගයන්න, නිවේදනයට කැමති
දූ-පුතුන්ට අනගි අවස්‌ථාවක්

අධ්‍යක්‍ෂිකාව
ළමා කුසලතා සංවර්ධන වැටසටහනේ අධ්‍යක්‌ෂිකාව රත්නා පුෂ්ප කුමාරි මහත්මිය
දරුවන්වෙනුවෙන් ඇගේ අත්දැකීම් බෙදා හදා ගනිමින් සිටියදී අප ඇය හමුවුණා.

"රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට අද ගොඩක් දරුවන් කැමතියි. ඒ වගේමයි
රංගනය, ගායනය, නර්තනය සහ නිවේදනය තුළින් තමන් සතු දක්‌ෂතාවයන් පෙන්වන්න දරුවන්
පෙළඹිලත් ඉන්නවා. මෙතනදී ඉදිරිපත්වීම ඉතාම ප්‍රබල අංගයක් විදිහටයි මම සලකන්නේ.
ඉදිරිපත්වීම තුළින්ම ළමයි යම් ජයග්‍රහනයක් ඔවුන්ගේ ජීවිතවලට අත්කර ගන්නවා.
මුලින් ආධුනිකත්වයෙන් එකතුවන දරුවන් තමයි මතු දවසක එම ක්‍ෂේත්‍රය තුළ
ප්‍රමුඛයන් බවට පත් වෙන්නේ."
"මෙතනදි අපි අරමුණ කර ගන්නේ වැඩසටහන් නිෂ්පාදනය කිරීමේ පසුබිම හා තාක්‌ෂණික
ක්‍රියාවලිය හඳුනාගෙන තම හැකියා දක්‌වන ලෙස හා නවතාවයකින් යුතුව ඉදිරිපත්
කිරීමට දරුවන්ට අවස්‌ථාව ලබාදීම. එම නිසා යම් දවසක රූපවාහිනි වැටසටහන්
නිෂ්පාදකයෙකු ලෙස මෙන්ම ඉදිරිපත් කරන්නෙකු ලෙස ඉදිරියට යන්න මේ දරුවන්ට හොද
අවබෝධයක් ලබාදීම අපි කරුණු ලබනවා.
මෙතනදී දෙමාපියන් කියන කතාවක් තමයි අපේ දරුවා බොහෝම දක්‌ෂයි. ගෙදරදී හොඳට
සිංදු කියනවා, නිවේදන කටයුතු කරනවා කියන කතාව. නමුත් ඔවුන් සම්මුඛ පරීක්‌ෂණයකට,
එහෙමත් නැත්නම් පිරිසක් ඉදිරියට ගිහිල්ලා යමක් කරන්න කිව්වාම ඇතිවන මැලිබව.
මේ වැඩසටහන හරහා දුරු කරලා දරුවා නිසි මාර්ගයට යොමු කිරීමයි අපි කරන්නේ.
මෙතන ඉන්න ඇතැම් දරුවන් බොහෝ රූපවාහිනි නාලිකාවල වැඩසටහන්වලට අපේ ආයතනයෙන්ම
යොමු කරලා අද හොඳ තත්ත්වයක ඉන්න අය රූපවාහිනි මාධ්‍ය තුළ මූලික වෙන්නේ
අධ්‍යාපනය ලබාදෙමින් විනෝදාශ්වාදයත්, පෙළඹවීමත් ඇති කිරීම නිසා මේ අංගවලට
ගැළපෙන නිවේදකයන් සහ ඉදිරිපත් කරන්නන් බිහිකිරීමට අපි නිතරම උත්සාහ ගන්නවා.
හරින්දි ලියනගේ
පින්තූර ( ගාමිණි මුණසිංහ |