|
සිංහලෙන් ඇති උප්පැන්න සහතිකය ඉංග්‍රිසියට පරිවර්තනය කරගන්නේ කොහොමද ? රෙජිස්‌ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහකාර රෙජිස්‌ට්‍රාර් ජනරාල් ටී.එම්. පේමසිරි සාකච්ඡා කළේ - සුගත් ශාන්ත මොරගහකුඹුර ඔබට උප්පැන්න සහතිකයක් තිබේද? උප්පැන්න සහතිකයක් තිබේ නම් ඉන් ඔබට මෙතෙක් ලැබී ඇති ප්‍රතිඵල මොනවාද? ඔබට උප්පැන්න සහතිකයක් තිබීමේ අවශ්‍යතාවය ගැන සිතා බලා නැද්ද? ඇත්තටම අපට උප්පැන්න සහතිකයක් අවශ්‍යද? අවශ්‍යනම් ඒ කුමන හේතුවකටද? කිසිවකු ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්‌ද? ඔබට දීමට පිළිතුරක් නැතිනම් ඔබ මෙතෙක් නොසිතු මේ කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. මෙලොව එළිය දකින ඕනෑම පුද්ගලයකුට තමන්ගේ උපන් දිනය සහතික කිරීම සඳහා උප්පැන්න සහතිකයක් අත්‍යවශ්‍යයි. ඒ මතුද නොවේ. ඉන්පසු එම උපන් තැනැත්තා හෝ තැනැත්තියගේ ජීවිතයේ සුවිශේෂ අවස්‌ථා සඳහා උප්පැන්න සහතිකය අනිවාර්ය සහතිකයක් වෙයි. උප්පැන්න සහතිකයක් අවශ්‍ය කරන හේතු ලෙස තම අනන්‍යතාවය හෙළිsකරන මුල් සහතිකය, තම ජනවර්ගය සහතික කිරිSමට තම ආගම සහතික කිරීමට තමාගේ සුජාත /අවජාත බව සහතික කිරීමට පිය පාර්ශවය හා මව් පාර්ශවය තහවුරු කිරීමට තම පුරවැසි භාවය තහවුරු කිරීමට තම අධ්‍යාපන කටයුතු (පාසල් යාම ආරම්භ කිරීමට) රැකියාවකට යාමට හා විශ්‍රාම ලැබීමට විවාහයක් සිදුකර ගැනීමට ජාතික හැදුනුම්පත ලබා ගැනීමට තම ඡන්ද අයිතිය ලබා ගැනීමට විදේශගත වීමකදී ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීමට මේ ආදී ප්‍රධාන කරුණු රැසක් සඳහා උප්පැන්න සහතිකය අවශ්‍යය වේ. අනික් අතට ජනගහන සංගනනයටද උප්පැන්නයක් සහතික කිරීම අවශ්‍ය වේ. බොහෝවිට පුද්ගලයකු මෙලොවට බිහි වූ පසු එම පුද්ගලයාගේ උප්පැන්න සහතිකය ලියනු ලබන්නේ මෙරට රාජ්‍ය භාෂාවන සිංහල හා දෙමළ භාෂාවෙන්. ඒ මෙරටදී එම පුද්ගලයාගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහායි. එහෙත් එම තැනැත්තා ජාත්‍යන්තරය සමඟ ගනු දෙනු කිරීමට කල්පනා කරන්නේ නම් එම කටයුතු සඳහා උප්පැන්න සහතිකයක් අවශ්‍ය වූ විට එය සිංහල හෝ දෙමළ භාෂාවෙන් සටහන් වී තිබීමෙන් පලක් නැහැ. ඒ නිසා එය ඉංගි්‍රසි භාෂාවට පරිවර්තනය කර ගතයුතුයි. එහෙත් එය ආවාට ගියාට කළහැකි දෙයක් නොවේ. ඒ සඳහා සිදු කෙරෙන ක්‍රියා පටිපාටියක් තිබෙනවා. කෙනෙකුට තම උප්පැන්න සහතිකය ඉංගි්‍රසි භාෂාවෙන් ඉදිරිපත් කිරීමට සිදුවන අවස්‌ථා අතර විදේශිය රටක අයකු සමග විවාහ ගිවිස ගැනීමකදී විදේශිය සංචාරය කිරීමට වීසා ලබා ගැනීමේදී, විදේශ රටක අධ්‍යාපනය ලැබීමට යාමේදී විදේශිය රටක ඉන්න පුද්ගලයකුට ලංකාවේ සිටින අයකු එරටට ගෙන්වා ගැනීමකදී, ආදි විවිධ අවස්‌ථා සදහා උප්පැන්න සහතිකය ඉංගි්‍රසි භාෂාවෙන් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් උප්පැන්න සහතිකයේ සිංහල දෙමළ ඉංග්‍රිසි භාෂාව සහ භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර තිබුණත් එය ලියනු ලබන්නේ අප ඉහතින් සාකච්ඡා කළ ආකාරයට සිංහලෙන් හෝ දෙමළ භාෂාවෙන්. ඒ කොහොම වුණත් උප්පැන්න සහතිකයක් ඉංගි්‍රසියට පරිවර්තනය කළ යුත්තේ රෙජිස්‌ට්‍රාර් ජනරාල් පත්කළ භාෂා පරිවර්තයකු විසිනි. එම භාෂා පරිවර්තකයා රෙජිස්‌ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිත පරික්‌ෂණයකින් සමත්ව අධිකරණයේ භාෂා පරිවර්තකයකු ලෙස දිව්රුම් දී තිබිය යුතුය. එවන් භාෂා පරිවර්තකයන් රෙජිස්‌ට්‍රාර් ජනරාල් විසින් දිස්‌ත්‍රික් රෙජිස්‌ට්‍රාර් කාර්යාලවලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් පත්කර සිටිනවා. දිස්‌ත්‍රික් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින භාෂා පරිවර්තක වෙත උප්පැන්න සහතිකය ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කර ගැනීමට දීමේදී විශේෂ අයදුම් පතක් ඔබ පිරවිය යුතුයි. එය ඉංගී්‍රසි භාෂාවෙන් පිරවිය යුතුයි. ඒ සඳහා ඔබට ඉංගී්‍රසි භාෂාව දන්නා ඕනෑම අයකුගේ සහය ලබාගත හැකියි. එම අයදුම්පත සමඟ ඔබ මුද්දර ගාස්‌තු ගෙවිය යුතු අතර එය මුද්දරවලින්ම ගෙවිය යුතුයි. ඒ සඳහා ඔබට ලදු පතක් නිකුත් කරන අතර එහි ඔබට ඔබේ උප්පැන්න සහතිකය ඉංගී්‍රසියට පරිවර්තනය කර ලබාදෙන දිනය හා වේලාව සටහන් කර ඇත. ඉන්පසු අදාළ දිනයට එම ලදුපත ඉදිරිපත් කර ඔබගේ උප්පැන්න සහතිකය ලබාගත හැකිය. තැපෑලෙන්ද ගෙන්වා ගත හැකි අතර ඒ සඳහා ඔබ ඔබේ ලිපිනය ලියූ මුද්දර කවරයක්‌ද ලබාදී තිබිය යුතුය. විවිධ ආයතනවල භාෂා පරිවර්තකයන් සිටියත් ඔවුන්ට උප්පැන්න, මරණ, විවාහ සහතිකයක් ඉංගී්‍රසි භාෂාවට පරිවර්තනය කිරීමට බලයක් නැත. රෙජිස්‌ට්‍රාර් දෙපාර්තමේන්තුව පත්කළ භාෂා පරිවර්තකයන් එක් දහස් පන්සියකට වඩා සිටින අතර ග්‍රාමසේවා කොට්‌ඨාශ තුනකට එක් භාෂා පරිවර්තකයකු බැගින් ඔබගේ සහයට පත් කර සිටිනවා. ඒ හෙයින් කොළඹ ප්‍රධාන කාර්යාලයට නොපැමිණ මෙම කාර්යය ඔබේ ගම් ප්‍රදේශයේදීම කරගත හැකියි. |
||||
|
||||