featu.gif (545 bytes)

වසරේ ලස්‌සනම පිරිමි මුහුණ තෝරයි



Male Face 2010, තරගය ඔරිෆ්ලේම් ශ්‍රී ලංකා විසින් පසුගියදා ගාලුමුවදොර ටාඡ් සමුද්‍ර හෝටලයේදී පවත්වන ලදී. මෙවැනි තරගයක්‌ මෙම සමාගම විසින් පවත්වනු ලැබූ ප්‍රථම අවස්‌ථාව මෙය වේ.

දිවයිනේ සෑම දෙසකින්ම මෙම තරගය සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් වූ අතර අවසාන වටය සඳහා 14 දෙනෙකු තෝරාගනු ලැබීය. මෙහිදී ප්‍රථම ස්‌ථානය හිමිකරගත් ප්‍රබුද්ධ රංගන වෙත රුපියල් ලක්‌ෂයක මුදල් ත්‍යාගයක්‌ද ඔරිෆ්ලේම් වෙතින් ප්‍රදානය කළේය.

මෙම උත්සවයේදී Male face North for Man Fairness Lotion මෙරටට හඳුන්වාදීම ඔරිෆ්ලේම් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්‌ෂ පියර් මාටින්සන් මහතා අතින් සිදු කෙරිණි.

Male Face 2010, තරගයේ ප්‍රථම ස්‌ථානය හිමිකරගත් ප්‍රබුද්ධ රංගන වෙත රුපියල් ලක්‌ෂයක මුදල් ත්‍යාගය පිරිනැමීය.