සීමාසහිත උපාලි
පුවත්පත් පෞද්ගලික සමාගම
223 බ්ලූමැන්ඩල් පාර කොළඹ 13.
|
| |
සතුට තුළ සැඟව ඇති අවධානම පිළිබඳ අවදානයෙන්
කටයුතු කරමු
දරුවන් පාසල් නිවාඩුව පැමිණෙන තුරු බලා සිටින්නේ දෙමවුපියන්, ඥති හිත-මිතුරන්
සමග විනෝද චාරිකා යමින් සතුටු වීමටයි. සැබැවින්ම පාසල් නිවාඩු කාලය එලෙසින්ම
ගෙවෙන බවක් දක්‌නට ලැබෙන්නේ විනෝද චාරිකාවල යෙදෙන පිරිස දස දෙසින්ම දක්‌නට
ලැබීමේදීයි.
විනෝදය, සතුට අප ජීවත් කරවන බව සැබෑවකි. ඥති මිත්‍රාදීන් එක් වූ තැන සතුට
දෙගුණ, තෙගුණ වන බව නොරහසකි.
සතුට ඉදිරිපිට "බිය" සහ "අවධානම" නොදැනෙන බව කීවොත් එය නිවැරදි බවට තර්කයක්
නැත. බොහෝ අනතුරුවලට මුල් වන්නේද ඒ දෙයමය. එනම් සතුට ඉදිරිපිට නොදැනෙන අවධානමය.
පාසල් නිවාඩුවත් සමග ලංකාවේ දස දෙස පුරාම බොහෝ පවුල් විනෝද චාරිකාවල මෙන්ම
වන්දනාවේද ගිය බව මාධ්‍ය මගින් නොයෙක් අවස්‌ථාවල පෙන්වා දුන්නේ එහි කොතැනක හෝ
සිදු වූ අනතුරක සටහනක් ද සමගය.
අලුත්ම සිදුවීම මව ගඟට බැස බාල්දියෙන් දිය නාමින් සිටියදී බාල්දිය අතින්
ලිස්‌සා යාමේදී එය ගැනීමට ගොස් සැඩ පහරට හසු වී ගසාගෙන යාමය. එය බලා සිටීමට
නොහැකි වූ තැන, මාතෘ සෙනෙහස දරාගත නොහැකි වීමේදී දියණිය මව බේරා ගැනීමට ගඟට
පැන්නාය. ඇයටද සිදු වූයේ මවට අත් වූ ඉරණමමය. ඇය ද සැඩ පහරට හසු වූවාය.
මව සහ සොයුරිය යන දෙදෙනාම ගං දියේ පෙනෙන්නට නොවීමේදී අසල දිය නාමින් සිටි පුතාද
ජල කඳට පැන්නේ මව සොයා ගැනීමටය. සොයුරිය සොයා ගැනීමේ අභිලාෂයෙන්ය.
දරු සෙනෙහස එසේමය. සොයුරු දමක බැඳීම තුළ එවැනි දෙයක් සිදු නොවුනා නම් පුදුම
වන්නට සිදුවනු ඇත.
ආදරයේ බැඳීම තුළ එකිනෙකා වෙනුවෙන් එකිනෙකා ජීවිතය පරදුවට තබා තමාගේ වූවන්
සෙවීමට ගං දියට බිළි වූහ.
කරුමය සහ නරක වෙලාවට මේ සියලු දේ යටකර නිහඬ විය හැකිsදැයි යන ප්‍රශ්නය හමුවේ එය
එසේ නොවේ යෑයි පවසන්නට සිදුව තිබේ.
"අවධානම" පිළිබඳ සේයාවක් සිත තුළ වූවේ නම් පළමු සිදුවීම සිදු නොවනු ඇත. එවිට
දෙවන සහ තුන්වන සිදුවීම් සිදු නොවන්නේම ය.
මුල වැරදුණු තැන සියල්ල වරදින බව අපේ මුතුන් මිත්තන් පැවසුවේ නිකම්ම නොවන බව මේ
සිදුවීම් අනුව අපට වඩාත් පැහැදිලි වනු ඇත.
සතුට අවශ්‍යය. එය එසේම විය යුතුය.
අවශ්‍ය වන්නේ සතුට තුළ සැඟව ඇති අවධානම පිළිබඳ අවදානයෙන් කටයුතු කිරීමය.
|
|