|
විවාහයෙන් පසු පළමු වසරවත් අලුත් යුවළ වෙනම නිවසක පදිංචියට යන්න විවාහයෙන්
පසුව පළමු වසර පදිංචිවන ස්‌ථානය, එම අඹුසැමි යුවලගේ බැඳීම තහවුරු කිරීමට සෘජුවම
බලපානු ඇත. එහෙයින් අලුත් අඹුසැමි යුවල තමාගේ අලුත් පදිංචියේ දී එකිනෙකා
වෙනුවෙන් දැක්‌විය යුතු කැපවීම කෙරෙහි විශේෂිත අවධානයක් යොමු කිරීම බොහෝ
වැදගත් වේ.විශේෂයෙන් ම එම පදිංචිය, එකිනෙකාගේ සිතට පීඩනයක් නොවීමට වගබලා ගැනීම, දෙදෙනාට ම අයිති කාර්යයකි. මෙහිදී එකෙකු අනෙකා වෙනුවෙන් කෙතරම්ම පෙනී සිටින්නේද යන්න හෙළි වේ. එය තුළින් ඔහු හෝ ඇය අනෙකාට දක්‌වන ආදරයේ තරමද කෙතරම්දැයි බොහෝ පැහැදිලි වේ. එහෙයින් එම පදිංචිය ඔහු හෝ ඇගේ විවාහයේ සතුට කෙරෙහිද සෘජුවම බලපානු ඇත. බොහෝ අවස්‌ථාවලදී අලුත් අඹුසැමි යුවලක් විවාහයෙන් පසුව පළමු වසර පදිංචි වන ස්‌ථානයේදී ලබන අත්දැකීම්, අනෙකා පිළිබඳව ඇතිකර ගන්නා හැගීම් හා අනෙකා තමා වෙනුවෙන් දක්‌වන කැපවීමේ තරම මත, විවාහයට පෙර කී කළ දේ බොරු යෑයි තීරණය කර ගැනීමටද පෙළඹේ. එහෙයින් තම පදිංචිය සම්බන්ධයෙන් කටයුතු කිරිමේදී බොහෝ ප්‍රවේසම් විය යුතු බව ඔබ පැහැදිලිවම අවධාරණය කර ගන්න. පදිංචි 3 ක් විවාහයෙන් පසුව අලුත් අඹුසැමි යුවළ පදිංචිය සඳහා ස්‌ථාන 3 ක් තෝරා ගැනීමක් සිදු කෙරේ. ඒ මේ අයුරෙනි. 1. සැමියාගේ නිවසක 2. බිරිඳගේ නිවසක 3. දෙදෙනා පමණක් පදිංචි වන නිවසක මෙහිදී වඩාත්ම කදිම තෝරා ගැනීම වන්නේ දෙදෙනාට පමණක්‌ම සීමා වූ නිවසක පදිංචි වීමය. මන්ද එය දෙදෙනාටම වෙන් වූ ලෝකයක් වීමෙන්, ඔවුන්ගේ ආදරණීය සබඳතාවට බාහිර කිසිවෙකුගෙන් බලපෑමක් එල්ල නොවේ. එතෙක් දෙතැනක පදිංචි දෙදෙනෙකු ලෙසින් ආදරය කළද, සියලු දේ බෙදා ගැනීමක් සිදුනොවේ. එහෙයින් ආදරය කරන සමයට වඩා විවාහ දිවිය සහමුලින්ම වෙනස් වේ. එම වෙනස්‌කම, බොහෝ සුන්දරව අත්විඳීමට තනිව පදිංචි විය හැකි නම් අවස්‌ථාව උදාවේ. නමුත් විවාහ දිවියට ඇතුළත් වන්නන්ගෙන් 1% වත් පළමු වසර තුළදී වෙනම නිවසක පදිංචියට යැමට අවස්‌ථාව නොලැබේ. එයට හේතුවන්නේ, දෙදෙනාගේ පදිංචිය සඳහා හිතමින් සිටින නිවසේ කටයුතු අවසන් නොවීම, සැමියාට තම මාපියන් ගෙන් වෙන්ව ජීවත්වීමට ඇති නොහැකියාව, හා පවුලේ තනි ගැහැනු ළමයා හෝ බාළ දරුවාට මාපියන් සමඟම පදිංචි වීමට සිදුවීමය. අපේ සංස්‌කෘතිය තුළ, ඉහත සඳහන් තත්ත්වයන් මඟ හැරීමේ අපහසුතාවක් තිබේ. නමුත් වර්තමානයේ කීර්තිමත් විවාහ උපදේශකයන්ගේ මතයට අනුව සැමවිටම අලුත විවාහ වූ යුවලක් තනිව පදිංචිවීමට හැකි නම්, ඔවුන්ගේ විවාහ දිවියෙහි කඩතොළු ඇතිවීම වලකී. එමෙන්ම නව යුවලගේ ආදරණීය බැඳීම ස්‌ථාවර කරන්නකි. එහෙයින් ඉදිරියේ විවාහ දිවියට ඇතුළත්වීමට අදහස් කර සෑම යුවලක්‌ම හැකි තරමින්ම උත්සාහ කළ යුත්තේ, කුලියට නිවසක්, අනෙක්‌සියක්‌වත් මිලදීගෙන තනිවම පදිංචිවීමට අවස්‌ථාවක් සලසා ගැනීමය. අවම වශයෙන් තමාගේ නිවසේ පදිංචියට පැමිණිමට පෙර වසරක්‌වත් එසේ ඔවුන් වෙනම පදිංචි වේ නම් එය කදිම සුන්දර අත්දැකීමක් බවට පත්වේ. අසීරුතාවක් පැන නැගීම නමුත්, නව යුවළට තම මාපියන්ගේ නිවසේ පැහැදිලිවම පදිංචිවීමට හැකියාව තිබියදී, කුලියට නිවසක් ගෙන යැම සම්බන්ධයෙන් මාපියන් යම් යම් ගැටළු ඇතිකිරීමට හැක. එයට එක් හේතුවක් වන්නේ, නව යුවළක් වෙනම පදිංචිවිය යුතු බවක් මාපියන් නොසිතීමය. දෙන්නට සතුටෙන් ඉන්න මේ ගෙදර ඕන තරම් ඉඩ තියෙන්නේ." යෑයි මාපියන් මැසිවිලි නැගීමට හැකිය. ඒ සමඟම තම පුතු කසාදයෙන් පසුව තම නිවසේ පදිංචිවීමට සියලු පහසුකම් තිබියදී, වෙන්ව යැමට උත්සාහ කිරීම මාපියන් දකින්නේ "විකාර වැඩක්" ලෙසිනි. එහෙයින් එහි දෝෂාරෝපනයෙන් කොටසක් අලුත් මනාලියට එල්ලවීමට ඉඩ තිබේ. එයට අමතරව, සුව පහසුවෙන් පදිංචිවීමට තමාට නිවසක් තිබියදී, පුංචි ගේ කෑල්ලක් කුලියට ගෙන යැම "මෝඩ තීරණයක් බවද අලුත් යුවළගෙන් එක් අයෙකුට සිතීමට හැක. එය අනවශ්‍ය වියදමක් යෑයි හැඟීමටද හැකිය. තවද, මාපියන් හා දරුවා අතර වූ අසීමිත බැඳීම මතද එසේ හැර යැමට නොහැකි මානසිකත්වයක්‌ද ඇතිවේ. එහෙයින් නව යුවළෙහි සැමියා හෝ බිරිඳ කුලි ගෙයක පදිංචියට යැම ගැන සියුම් පසුගාමිවීමක් ලෙස දැක්‌වීමට හැක. ප්‍රතිලාභ විමසා බැලීම නමුත්, තම මාපියන් සමඟ පළමු වසර පදිංචිවීම වෙනුවට කුලියට නිවසක් මිලදී ගෙන පදිංචියට යැමෙන් ලැබෙන ප්‍රතිලාභ ඔහුගේ දඟවැඩ "බිරිඳගේ මාපියන්ගේ උදහසට ලක්‌වීමට හැකිවිමෙනි. එහෙයින් අනෙකාගේ මාපියන් සමඟ පදිංචියට යැමෙන්, අලුත් අඹුසැමි යුවලගෙන් එක් අයෙකුට මානසික පීඩනයක් එක්‌වීමට පුළුවන. එය ඔහු හෝ ඇගේ විවාහ දිවියටම බලපෑමක් වීමට හැක. එයට අමතරව තම මාපියන් හෝ සොයුරු සොයුරියන්ගේ බලපෑම් නුරුස්‌නා තත්ත්වයකට අනෙකා පත්වුවහොත්, එය සියුම් ගැටුමක් බවටද පත්වේ. එයද දිගු කාලින සිත් බිඳ ගැනීමකි. එමෙන්ම විවාහය ආරම්භයේදීම නව අඹු සැමි යුවල අතරද යම් නොසන්සුන් බවක් ඇතිවීමකි. එහෙයින් හැකි නම් හැකි කදිම දේ වන්නේ, දෙදෙනා අවම වශයෙන් එක් වසරකට හෝ වෙනම පදිංචියට යැමය. ප්‍රදීප් කුමාර බාලසූරිය
|
||||
|
||||