daughter.gif (460 bytes)

පංචායුධය පළදවන්නේ ඇයි

හඳහනෙහි කොටු දොළොස තුළ
සැඟව ගිය කොටු අටක කතාව

එදා බිළිදකු උපන් පසු යොදන ලද පළමු සුබ නැකත සම්පාදනය කළේ පිsය පුතු හමුව වෙනුවෙනි. කාලය අනුව සිරිත් - විරිත් වෙනස්‌ව අද ඊට අවැසිතාවයක්‌ නොවේ. බොහෝවිටක බිළිඳු උපදින මොහොතේ පියාටද ඒ ස්‌ථානයේ සිටීමට අවශ්‍ය පහසුකම වත්මනෙහි

උදාව ඇති බැවිනි. එහෙයින් පිය පුතු හමුව සඳහා නැකැත් සැකසීමක්‌ දැන් අවැසි නොවේ. එහෙත් ඔබේ දැනුම සඳහා පෙර පැවති එම සිරිතක්‌ වත්මනෙහි එය වෙනස්‌ විය යුතු ආකාරයත් මෙසේ හෙළිs කරමු.

පැරැණි සිරිත - දරුවා උපන් කල්හිම උපන් ලග්නය ගෙවීයාමට මත්තෙන් ශුභ මොහොතක්‌ රැගෙන පිරිසිදුව බිළිඳා සහ මව වෙතට පැමිණ උතුරට අබිමුව එනම් මුහුණලා දරුවා දෝතට ගෙන අසිරි බස්‌ දොඩවන්නේය. එසේම මවටද තුති පුදන්නේය. දෙදෙනාටම දීර්ඝායු පතන්නේය. ඉක්‌බිති නැවත දරුවා මවගේ ඇකයෙහි තබා එතනින් නික්‌මව

බුදුන්, දහම්, සගුන් විෂයෙහි සත්කාර කොට, දෙවියන්ට නවග්‍රහයන්ට පුදදී, පෙර කළ පින්ද සිහිකොට දෙවියන්ට පින්දී දරුවාටත් මවටත් සුවය, ආයුෂ, සැපත ප්‍රාර්ථනා කොට නෑ සියන් සමග සතුටුව ඔවුන්ටද කෑමෙන් බීමෙන් සංග්‍රහ කරන්නේය.

යම් විටක දරුවා උපදින විට පියා එම ස්‌ථානයේ නොසිටීනම් පැමිණි පසු එය සිදුකිරීම පැරැණි සිරිතයි. ඊටද පැමිණි රැසින්ම සුබ නැකැතක්‌ ගත යුතුය.

වර්තමානය සහ අතීතය - ඉහත සිරිත වර්තමානයට එසේම යොදාගත නොහැකි වුවත් මවට දරුවාට ආසිරි බස්‌ දෙඩීම, දරුවා දොහොතට ගැනීමේදී උතුරට මුහුණ යොමුකිරීම මෙහි උතුර දිශාව සෞභාග්‍ය ජනනය කරන දිශාව වශයෙන් යොදාගැනේ. එහෙත් ඉරිදා දින උතුරට මුහුණලා කටයුතු නොකළ යුතු බව සාමාන්‍ය වැසියෝද දනිති. ඒ මරු එදාට උතුරේ සිටී. නැගෙනහිර දිශාව එදාට පොදුවේ යහපත ගෙනේ.

එසේම එදා දරුවා උපන්නේ ගෙදරදීමය. අද උපදින්නේ රෝහලේය. ඉදින් දරුවා රෝහලෙන් බැහැරට ගෙනයන කල සුබ නැකැතක්‌ සම්පාදනය කොට ගැනීම යහපතට හේතුවේ. රෝහලෙන් බැහැර වන දිනය කවර හෝ දිනයක්‌ වන්නේ නමුත් සියුම් වශයෙන් සුබ මොහොතක්‌ ගෙන රෝහලින් බැහැරවීම වාසිදායකය.

ආයු - වර්ණ - සැප - බල නිරෝගි බව ආදිය වැඩීමට මේ නැකැත්විදි ඵලදායක වන්නේමය. එසේම මෙහි කියන ලද ගුණධර්ම සිදුකිරීම සහ එහි ශක්‌තිය දරුවා සහ මව වෙත යොමුකිරීම එදාටත් - අදටත් ගැළපෙන සහ සුදුසු වන බවට ඔබද එකඟ වනු ඇත.

පසවිය පැළඳවීම - උපන් බිළිඳු හට යක්‌ බු පියස්‌ නවග්‍රහ ආදීන්ගේ දොස්‌ ඇතිවීම සාමාන්‍යය. නවීන විද්‍යාව අනුව යමෙක්‌ මේවා නොපිළිගනුවේ නමුත් අද වන විට එම විද්‍යාවෙන්ම ඒවා සපුටව ඇති බැව් අධ්‍යයනයේදී හෙළි වේ. මෙසේ පෙනෙන නොපෙනෙන දෝෂ සියල්ල දුරුකොට සෙත ශාන්තිය ලබාගැනිමේ අරමුණින් දරුවාගේ කරට පංචායුධය නම් ආභරණය පළඳවනු ලැබේ. ඇස්‌වහ, කටවහ, භෝවන ආදී සියල්ලද භූත ප්‍රේත පිශාච සියල්ලන්ගේ දෝෂද රවි, සඳු, කුජ, බුධ , ගුරු , ශුක්‍ර, ශනි, රාහු සහ කේතු නවග්‍රහයන්ගේ සියළු අතුරු ආන්තරාවන්ද මෙහිදී දුරින් දුරට දූරිංභූත වේ යෑයි විශ්වාස කෙරේ.

පසවිය යනු ආවුධ පසෙකි. සංඛය, චක්‍රායුධය, කඩුව, දුන්න සහ මුගුර යන අවි මෙහි වේ. මෙහිදී සංඛය හෙවත් හක්‌ ගෙඩිය අවියක්‌ වන්නේ කෙසේදැයි යමෙකුට ගැටළුවක්‌ විය හැකිය. අවියෙන් සිදු කරනුයේ බාධකය කපා හැරීමය. එසේ බාධක සියල්ල දුරු කිරීමේ ශක්‌තියක්‌ සංඛයට වේ. මෙය බොහෝ දෙවි වරුන්ගේද අතැති වාසනාව ගෙනෙන බාධක දුරුකරන අවියක්‌ බැව් කිව යුතුය.

එදා පසවිය තනන්නටද පළඳින්නටද නැකැත් සම්පාදනය විය. එහෙත් අද එය වෙළඳ පලෙන් මිලට ගත හැකිය. ශුභ නැකතකට පංචයුධ පැළඳීම සම්බන්ධයෙන් පවත්නා වූ නියමයන් පිළිබඳව හෝ දැනුම අල්පය. අපගේ අදහස පරිදි මේ මුද්‍රිත මාධ්‍යයකින් ක්‍රමානුකූලව හෙළිවනුයේ ද ප්‍රථම වතාවටය. පැළඳීම ගැන කතා කිරීමට පළමු පසවිය තැනීම පිළිබඳව එදා පැවති සිරිත ප්‍රථමයෙන් හෙළි කරමු.

පසවිය තැනීම - උපන් දවසේම හෝ උපන් පස්‌වන දවසේ පසවිය සකස්‌ කෙරේ. ඊට ප්‍රථමයෙන්ද බුදුන්, දහම්, සගුන් පිදීම, දෙවියන් නවග්‍රහයන් පිදීම සිරිතය. එහි මදටිය ප්‍රමාණයක බරට කුමරෙකු සඳහා ද ඉන් භාගයක බර කුමරියක සඳහාද යෝග්‍යය. මෙසේ රන් තැලීම සඳහාද අවියෙන් අවිය නිර්මාණය කිරීම සඳහා ද පෙරකල නැකැත් යොදා තිබේ. එසේම නවග්‍රහ හිමි මැණික්‌ම පසවියෙහි ඔබ්බවනු ලැබේ. මෙසේ සියලු කටයුතු සුබ නැකතින් සිදුකරනු ලැබේ.

පසවිය ජීවම් කිරිම - මෙසේ තනනු ලැබූ, වත්මනෙහි නම් මිලට ගනු ලැබූ පසවිය නිසි පිළිවෙත් උපදෙස්‌ පරිදි ජීවම් කළ යුතුවෙයි. මෙහිදී විෂ්ණු දෙවියන් උදෙසා විශේෂයෙන් පූජාවක්‌ සහ නවග්‍රහයන්ටද පුද තබා, පසවිය ජීවම සඳහා වෙනම මල් අස්‌නක්‌ සකස්‌ කළ යුත්තේය. මේ සියල්ල එම ශාස්‌ත්‍රය මැනැවින් දත්තෙක්‌ විසින්ම කළ යුත්තේය.

අපේ පැරැන්නන් ඒ සඳහා රතන සූත්‍රයෙහි එන "යං කිංචි චිත්තං" ගාථාවද යොදාගත් අතර ඒ සඳහා නියමිත මතුරක්‌ද වේ. එය මෙසේය.

"බ්‍රහ්මා විෂ්ණුශ්ච රුදුස්‌ච - ස්‌කන්ධො වෛශ්‍රවණස්‌තථා රක්‌ෂන්තු ත්වරිතා බාලං - මුඤ්ඤන්තු කුකුමාරකම්"

අවම වශයෙන් එකසිය අටවතාවක්‌ තුන්සිය විහිහතර වතාවක්‌ ජීවම් කොට ගැනීමට නියමිතය. මෙසේම පුද සිරිත් සහිතවම පසවිය පැළඳවිය යුතුය. ඔබ හිතන්නේ පංචායුධය දැමිය යුත්තේ කරට යෑයි කියාද එන සතියේ විමසමු.

හෙළ උමා ජ්‍යෙdතිෂ්‍ය උපදේශක
හෙක්‌ටර් පද්මසිරි