daughter.gif (460 bytes)
මම ජානකී ජානකී සූරියආරච්චි
නවලිය හැඩ කරන වැඩ කරන ලිය


පෙරළියක්‌ ඇතිකරන තැනැත්තා හඳුන්වන්නේ පෙරළිsකාරයා කියලා සමාජයේ විවිධ ක්‌ෂේත්‍රවල පෙරළිකාරයන් බිහිවෙනවා. ඒ වගේ යම් පෙරළියක්‌ කරන්න අදාළ ක්‍ෂේත්‍රය පිළිබඳ දැනීමක්‌. දැක්‌මක්‌ මුසුqවුණු දක්‌ෂතාවයක්‌ තිබිය යුතුය. සාහිත්‍ය යනු මිනිසුන්ගේ ජීවිත තුළ විශාල පෙරළියක්‌ ඇති කළ හැකි කලා මාධ්‍යයකි. ඒ අතර ළමා සාහිත්‍ය යනු සුවිශේෂී කලාවකි. ළමා සාහිත්‍යයේ පෙරළිකාරිය වන ඇය ජානකී සූරියආරච්චි වේ. මේ ගෙවී යන සාහිත්‍ය මාසයේ ළමා ලෝකයේ පුංචි සුරගනාවිය වන ඇගේ තොරතුරු පිළිබඳ ඇයට ආදරය කරන නවලිය හිතවතුන් වෙනුවෙන් අපි ඇය හමුවුණා.

මේ දවස්‌වල මොනවද අලූත්ම කටයුතු...

මම පසුගිය 12 වැනිදා මගේ 195 වන ළමා පොත එළිදැක්‌වීම කඩවත රන්මුතුගල බාලිකා පාසලේදී සිදුකළා. ඊට අමරතව පසුගිය 17 වැනිදා ඊඵෂCH හිදී ලිකාවේ මුල්ම Dසටසඒක sඑදරහඉදදනක එක ඔඅසබනකසබන් නමින් එළිදැක්‌වීමත් සිදු කළා. ........... එම කාලයක්‌ මගේ හිතේ තිබුන ලොකු හීනයක්‌ දැන් මගේ ඒ හීනෙ හැබෑ වෙලා තියෙනවා. මං මගේ පුංචි යාළුවන්ට ආරාධනා කරනවා වෙබ් අඩවිය හරහා ඒ පොත රසවිඳින ලෙසට ඒ තමයි මම අලූතින් ම නිර්මාණය කළ පොත් ගැන තොරතුරු. පසුගිය දවස්‌වල ගොඩක්‌ මහන්සි වුණ නිසා මේ දවස්‌වල ගෙදරට වෙලා නිදහසේ කාලය ගත කරනවා.

ඔබ ළමා පොත් ලිවීම ආරම්භ කළේ කොහොමද?

මම පොත් ලියන්න පටන් ගත්ත දවස මට මතක නෑ. අවුරුදු 8 දී තමයි මුලින්ම පොතක්‌ ලියල මුද්‍රණය කළේ. ඒ "අපි දෙන්නා" කියල පොතක්‌. ඊට කලිනුත් කවි සිංදු ලිව්වා. ඒත් ඒවා මුද්‍රණය කළේ නෑ. මට එහෙමම කියලා සාහිත්‍ය දැනුමක්‌ තිබුණෙ නෑ. මගෙ ආචිච් අම්ම තමයි හැමදේම මට කියලා දුන්නෙ. ආච්චි අම්ම ගුරුවරියක්‌ නිසා ගෙදර ඉගෙනුම් පරිසරය තිබුණා. ඒ නිසාම මම හුඟාක්‌ ඉක්‌මනට අකුරු ඉගෙන ගත්ත. මං පුංචි කාලෙ වැඩියෙන් ආස කළේ රුසියානු, සෝවියට්‌, චීන පරිවර්තන කතාවලට ඒ නිසාම පුංචි කාලෙ ඉඳලම මගෙ පරිකල්පන හැකියාව වැඩිවුණා. මා හැදුන පරිසරයත්, පෙර ආත්මයෙන් ගෙනාපු මොකක්‌ හෝ කර්මශක්‌තියත්a මං ලේකාවක්‌ වෙන්න හේතුවුණා.

ඔබගේ කටයුතුවලට පවුලෙන් ලැබෙන දායකත්වය කොහොමද?

අපේ ගෙදර කවුරුත් කලාවට සම්බන්ධ නෑ. පුංචි කාලෙ නම් අම්මයි තාත්තයි මට ගොඩක්‌ උදව් කළා. ඒත් දැන්නම් ගෙදරින් පොඩ්ඩක්‌වත් කැමති නෑ පොත් ලියනවට. අපේ අම්මගෙ හතුර පොත් වෙලා. ඒ තරම්ම අම්ම කැමති නෑ මං පොත් ලියනවට. අයියත් උදව් කරනවා. ඒත් කැමැත්තක්‌නම් නෑ. මල්ලි මට උදව් කරනවා. ඒත් කවදාවත් එයා මගෙ පොතක්‌ නම් කියවලා නෑ. අපේ පවුලෙ අය ව්‍යාපාර ක්‌ෂේත්‍රයට සම්බන්ධ නිසා එයාලට සාහිත්‍ය පිළිබඳ දැනීමක්‌ නෑ.

ඔබ ලේකාවක්‌ නොවුණා නම්...

පුංචි කාලෙ ඉඳලම හිතේ ආශාව තිබුණෙ තාරකාවිද්‍යාඥයෙක්‌ වෙන්න. පස්‌සෙ තේරුණා ඒක අමාරු වැඩක්‌ කියලා. මං හැමදේටම ආසයි. හැමදේම කරන්නෙ ගොඩක්‌ ආසාවෙන්. කාලයක්‌ බැංකු ක්‌ෂේත්‍රයෙන් නියෑළිsලා හිටියා. ඒ වෘත්තියටත් ආසයි. ලේsකාවක්‌ නොවුණානම් විද්‍යාඥයෙක්‌ වෙන්න තිබුණා.

ඔබට හිතෙන විදියට සාර්ථක ළමා ලේකාවක්‌ වෙන්න අවශ්‍ය දක්‍ෂතා මොනවාද?

මට හිතෙන විදියට පොත් ලියනව කියන දේ ඉගෙනීමෙන් කරන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. මූලිකව ම අවශ්‍ය ළමයින්ගෙ හිත යන තැන ගැන ඉවක්‌ තිබෙන්න ඕන. ළමයින්ගෙ හිත යන්නෙ කොහෙද? ආශාවල් කොහෙද තියෙන්නෙ. රසවිඳින්නෙ කොයිකොයි තැන්ද කියල පොත් ලියන කෙනාට ඒ ගැන ඉවක්‌ තියෙන්නෙ ඕන. ඒ ඉව තියෙන අය තමයි අදටත් සාර්ථක වෙලා තියෙන්නෙ. ටයිටස්‌ තොටවත්ත. සිබිල් වෙත්තසිංහ, පියල් උදයසමරවීර. එස්‌. ඒ. දිසානායක, හිඟුල්වල දිසානායක. කොච්චර ළමයි වෙනුවෙන් පොත් ලියන අය හිටියත් ඒ අය සාර්ථක නෑ. ඒක උපාධියකින් ලබන්න පුළුවන් දෙයක්‌ නොවෙයි. ළමා පොත් ලියන්න ඉව විතරක්‌ නෙවෙයි කතා මවන්න පුළුවන් විදිහෙ කතා උල්පතක්‌ තියෙන්නෙ ඕන. පරිකල්පන හැකියාව හා ළමයින් ආස කරන හුරතල් චිත්‍ර ඇඳීමේ හැකියාව සාහිත්‍යකරු සතුවිය යුතුයි. මේ ඔක්‌කොම තියෙන කෙනා තමයි සාර්ථක ළමා සාහිත්‍යකරුවෙක්‌ වෙන්නෙ.

ළමයින් ආස කරන ඔබේ පොත්වල තිබෙන සුවිශේෂීත්වය මොකක්‌ද?

මං මගේ පොත්වල ළමයින්ට නොතේරෙන අතුරු කතා ලියන්නෙ නෑ. මං පොත් ලියන්නෙ ළමයින්ගෙ තැන ඉඳලයි. ළමයින්ට අතාත්වික දේවල් මවන්න හොඳ නෑ. ළමයින්ට සුරංගනා දේවල් මවන්න ඕන එයාගෙ සිත ළඟ ඉඳල කියලයි මට හිතෙන්නෙ. මං පොත් ලියනකොට මං ඉගෙන ගන්න තාක්‌ෂණයවත් මං දන්න මනෝවිද්‍යාවෙන්වත් පොත් ලියන්න උත්සහ කරන්නෙ නෑ. මගේ පොත්වලින් සමාජ ශෝධනයක්‌ ඇති කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒක කරන්න මං කිව්ව ඉව තියෙන්න ඕන. මගේ ළමා කතාවලින් ළමා ලෝකයේ වෙනසක්‌ ඇති කරන්න පුළුවන් වුණා කියල මට හිතෙනවා.

වර්තමාන ළමා පරපුර කියවීමට හුරු කිරීම සඳහා දෙමාපියන්ගෙන් ලැබෙන දායකත්වය ලේකාවක්‌ ලෙස ඔබ කොහොමද දකින්නෙ.

අද වෙනකොට ළමයි කියවන

රැල්ලකට ඇවිල්ලයි ඉන්නෙ. සමහර ළමයි හෝ ගාල කියවනවා.මට දැනෙනවා මගේ පොත් වටා ගම් ගොඩාක්‌ ළමයි ඉන්නව කියලා අද වෙනකොට දෙමාපියන් ළමයින්ව සාහිත්‍යයට නැඹුරු කරන්න ගොඩක්‌ උත්සාහ කරනවා. අද තියෙන තාක්‌ෂණය නිසා අපිට ආපස්‌සට හැරෙන්න බෑ. බොහෝ දෙමාපියන් ළමයින්ව සාහිත්‍යයට නැඹුරු කරන්න උත්සාහ කරනව වගේම තාක්‌ෂණයට යොමු කරන්නත් ගොඩාක්‌ උත්සාහ කරනවා. මං ඒකෙ වැරැද්දක්‌ දකින්නෙ නෑ. ඒ නිසයි මම Dසහසඒක පොත් ලියන්නෙ. දරුවාගෙ රසවින්දනයට හානියක්‌ නොවන විදියට එයා යන තැනට අපි පොත තියන්න ඕන. අපිට බෑ ලෝකෙ වෙනස්‌ කරන්න. ඒ වගේම ළමයින්ව ආපස්‌සට කරවන්නත් බෑ.

ඔබ පොත් එළිදැක්‌වීමට ඔබටම ආවේණිsක ක්‍රමයක්‌ යොදා ගන්නෙ ඇයි? මං පොත් ලියන්නෙ ළමයින්ට ඒ නිසා මං ආසයි ඒ පොත් ළමයන්ටම බෙදල දෙන්න. මං ඒ පොත දෙන්නෙත් පොත්වලට ආස කරන පොතක්‌ ගන්න බැරි අහිංසක ළමයින්ටයි. මගෙ යාළුවන්ට එන්න කියල පොත් එළි දැක්‌වීම කරනවට වඩා අහිංසක දරුවන්ට පොත් තෑගි දීල ඒ ළමයි ලබන සතුටින් මාත් සතුටක්‌ ලබනවා. මං ලංකාවෙ ගොඩක්‌ දුෂ්කර පළාත්වලට ගිහිං පොත් බෙදල දෙනවා. හැබැයි මං කවදාවත් දාන දෙන්නෙ නෑ. පිං සලකල පොත් දෙන්නෙත් නෑ. මං පුංචි බබාලට දෙන්නෙ තෑගි විතරයි.

මෙතෙක්‌ ආ ගමන් මඟ ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

අපොයි ඔව්. මට ලැබුණ දේවල් හොඳටම ඇති. මං මවපු හීන ගොඩක්‌ සැබෑ වුණා. මං ගොඩාක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්‌ නොවෙයි. මං හැමදේම කරන්නෙ ගොඩාක්‌ ආසාවෙන්. ඒ නිසා මගෙ හැම බලාපොරොත්තුවක්‌ ම මේ දක්‌වා ඉෂ්ට කරගත්ත මං දුක්‌වෙන්නෙ නෑ. මොකද මං ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන කෙනෙක්‌ නොවෙයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මගෙ ලොකුම බලාපොරොත්තුව තමයි කාටුන් චිත්‍රපටයක්‌ නිර්මාණය කරන එක. ඒත් සමගම පොත් 200 ප්‍රකාශයට පත් කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට මගේ බලාපොරොත්තු ගොඩාක්‌ ඉෂ්ට වෙලා තියෙනවා. අනාගතයේ කාටවත් කරදරයක්‌ නැතිව හොඳින් ජීවත්වීම තමයි බලාපොරොත්තුව.

ශාලිකා තිලක්‍ෂණී