rupa.gif (2934 bytes)

BACK


නළුකම මට ලැබුණේ මා කළ පෙර පිනකට
- අනුෂ්ක සතරසිංහ

සහන් විඡේසිංහ නිෂ්පාදනය කළ, ජයප්‍රකාශ් සිව ගුරුනාදන් අධ්‍යක්‌ෂණය කොට පසුගියදා ජාතික රූපවාහිනි නාලිකාව ඔස්‌සේ විකාශය වූ කප් සුවහස්‌ කල් ටෙලි නාට්‍යය තුළින් නවක රංගන ශිල්පියකු බිහි වුණා. ඒ කඩවත අනුෂ්ක සතරසිංහ යි.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලා ලෝකයට එක්‌ වූ හෙතම කප් සුවහස්‌ කල් හි නිරූපණය කළේ ලෙලුම් නම් තරුණයකුගේ චරිතයකි. ඒ තුළ ඔහු දැක්‌ වූ දක්‌ෂතා නිසා ම ඔහුට තවත් අවස්‌ථාවක්‌ ලැබී ඇත. ඒ . විමලරත්න අධිකාරිගේ ඉසිවර රණ කෙළිය නම් ටෙලි නාට්‍යයෙනි. එහි අනුෂ්ක රඟපාන්නේ හිරාන් නම් තරුණයකුගේ චරිතයයි.

ඒ පිළිබඳව අනුෂ්ක සතරසිංහ අපට පැවැසුවේ මෙවැන්නකි.

ඇත්තට ම මම පාසල් වියේ සිට ම රංගනයට ආශාවක්‌ උනන්දුවක්‌ දැක්‌වූවා. නමුත් පාසල් වියේ දී මට ඒ සඳහා අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. ඒ වුණත් සහන් විඡේසිංහ මහත්මා තම නිර්මාණවලින් නවකයන් හඳුන්වා දෙනවානේ. ඒ අනුව මටත් අවස්‌ථාව ලැබුණා. එහිදී මට ප්‍රධාන චරිතයක්‌ නිරූපණය කිරීමට දීමට සහන් විඡේසිංහ මහතා පියවර ගැනීම ගැන මා ස්‌තුති වන්ත වෙනවා. ඒ වගේමයි මා තුළ නිදා සිටි රංගන ශිල්පියා අවදි කළේa. ජයප්‍රකාශ් සිව ගුරුනාදන් මම ඔහුටද මේ වෙලාවේ ස්‌තුති වන්ත වෙනවා. කප් සුවහස්‌ කල් හරහා තමයි මට විමලරත්න අධිකාර මහතාගේ ටෙලි නාට්‍යටත් සම්බන්ධවීමට අවස්‌ථාව ලැබුණේ. ඉසිවර රණ කෙළිsය හි රූපගත කිරීම් අවසන්. තවත් ටෙලියක්‌ ලැබිලා තියෙනවා. එහි වැඩකටයුතු දෙසැම්බර් පටන් ගන්නවා.

පළමු ටෙලි නාට්‍යයෙන් ම ප්‍රධාන චරිතයක්‌ ලැබීම ගැන මොකද හිතන්නෙ?.

ඇත්තට ම ඒක මගේ වාසනාවක්‌ කියලයි මම හිතන්නේ. ප්‍රධාන චරිතයක්‌ ලැබීම ගැන මම ආඩම්බර වෙන්නේ නැහැ. මට කරන්න පුළුවන් උපරිමයෙන් මම මට පැවරුණු කාර්ය කළා. එහි ප්‍රතිඵල තමයි ඉසිවර රණ කෙළිsය හා තවත් ටෙලි නාට්‍යයක්‌ ලැබීමට හේතු වුණේ.

ඔබේ පවුලේ විස්‌තර කොහොමද?

මට එක අක්‌කා කෙනක්‌ ඉන්නවා. අම්මයි තාත්තයි මමයි. ඒ අය නම් කලාවට සම්බන්ධ නැහැ. මගේ වර්තමාන කලා කටයුතු වලට ඒ අය විශාල සහයෝගයක්‌ දෙනවා. මගේ රංගනය ගැන කතා කරමින් මට මගේ දේවල් හදාගන්න උදව් කරනවා.

ඔබ රංගනය ගැන හැදැරීමට බලාපොරොත්තුවක්‌ නැද්ද?

ඇත්තට ම මම චන්දන හේවා පතිරණ යටතේ පාඨමාලාවක්‌ හදාරනවා. එහි අෂේන් මංජුල , ධර්මප්‍රිය ඩයස්‌ වගේ අය අපට පුහුණුවීම් හා උපදේශන ලබා දුන්නා. මේ දවස්‌ ටිකේ ම රංගන කටයුතු නිසා හැදෑරීම් කටයුතු නැවැතිලා ආපහු ඒවා පටන් ගත්තා.

-සුගත්
ජායා- සමන් රණවීර