සීමාසහිත උපාලි
පුවත්පත් පෞද්ගලික සමාගම
223 බ්ලූමැන්ඩල් පාර කොළඹ 13.
|
| |
පාසල් වෑන් රථ හිමිකරුවන්, රියදුරන් සහ
දරුවන්
මව්පියන් තම දරුවන් පාසල් වෑන් රථයකට බාර දෙන්නේ දරුවන් වෙනුවෙන් වැඩි
ආරක්‌ෂාවක් ලබා ගැනීම සඳහා ය. ඒ අතරම දරුවන්ගේ සුව පහසුව සලකා බලාගෙන ය. එ
පිළිබඳ නැවත කතා කරන්නට දෙයක් නැත. ස්‌ථිර කතාව එයම වනු ඇත.
පාසල් වෑන් රථ මාසික මුදල වැඩි වී, එය දරා ගැනීමට බැරි වියදමක් ලෙසින්
ඉදිරිපත් වුවත් ඉතා අපහසුවෙන් වුව ද ඇතැම් මවුපියන් එය ගෙවා දමමින් දරුවන් ගේ
පාසල් ගමන සඳහා පාසල් වෑන් රථයම තෝරා ගන්නේ තමන්ට ඇති වටිනාම වස්‌තුව ආරක්‌ෂා
කර ගැනීම වෙනුවෙන් ය. දරුවන්ගේ සුව පහසුව පිණිසය.
එහෙත්, මව්පියන් බලාපොරොත්තු වන ආරක්‌ෂාව වෑන් රථ තුළින් ලැබෙනවාදැයි යන
ප්‍රශ්නයට ගැටලුවක් පැන නැගී දැන් බොහෝ කලක් වනු ඇත.
අලුත් ම සිදුවීම පසුගිය සතියේ ගල්කිස්‌සේ දී පාසල් වෑන් රථයක් අනතුරට පත්වීම
ය. එය සිදුවීමෙන් සතියක් යන්නට මත්තෙන් රනස්‌ගල්ලේ දී තවත් පාසල් වෑන් රථයක්
අනතුරට පත් වූයේ සමාජයට අවදානමක සේයාව තවදුරටත් පෙන්වා දෙමින් ය.
පාසල් වෑන් රථයක් තම දරුවාගේ ආරක්‌ෂාව වෙනුවෙන් තෝරා ගත්ත ද, එහි රියදුරු
පිළිබඳ හෝ වාහනයේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමක් මව්පියන් වෙතින් සිදුවන්නේ නැත.
එය එසේ කිරීමට ද මව්පියන්ට හැකියාවක් නොමැතිව ඇත්තේ අදාළ ප්‍රදේශයෙන් පාසලක්
වෙත යන වාහන ප්‍රමාණය ඉතා ම සීමිතව ඇති නිසාවෙන් ය.
මව්පියන් පාසල් වෑන් රථයකට මාසික මුදලක් ලබා දෙමින් බලාපොරොත්තු වන්නේ
ආරක්‌ෂාව සමග දරුවාගේ සුව පහසුව යන කාරණාවන් බව පැහැදිලි කරුණ වනු ඇත.
එය එසේ වන නිසාවෙන් පාසල් වෑන් රථ හිමියන්ගේ වගකීම නම් එම සේවාව හැකි උපරිම හොඳ
තත්ත්වයෙන් ලබාදීම ය.
ඒ සඳහා වාහනය හොඳ තත්ත්වයේ පැවතීම සහ වාහන රියදුරු පළපුරුදු ඇති විනය ගරුක
කෙනෙකු වීම අනිවාර්ය ය.
එය එසේ වීමේ දී දරුවන් ආරක්‌ෂා වනු ඇත.
පාසල් වෑන් රථ හිමිකරුවන් සිතිය යුත්තේ "පාසල් වෑන් රථයේ ගමන් ගන්නා සියලු
දරුවන් තමන්ගේ දරුවන් ලෙසින්" ය.
එවිට අනවශ්‍ය ප්‍රශ්න මතු නොවනු ඇත. |
|